පැණි වරකා කාලෙට
පැණි වරක ගහට
කපුටෝ එනවා ඕන තරම්
ඇත්තටම පැණි වරකා ගහට පාළු නෑ....
එදාට පැණි වරකා ගහට,
අතුපතරෙහි හැමදාම දුවපැන්න ලේන් පැටිය ගැන කිසිම ගානක්
නෑ....
ඌ දුකින් පැත්තකට වෙලා බලා
ඉන්නවා... නමුත්,
පැණි වරකා කාලය හැමදාම එන්නේ නෑ... එදාට
අර කපුටොත් නෑ...
නමුත්,
හැමදාම අතුපතරෙහි දුව පැන්න ලේන් පැටිය
සමහරවිට,
එදාටත් පැණි වරකා ගහේ පාළු මකාවි
පරිස්සම් වන්න...
මිනිස්සුත් ඒ වගේ.. තියෙන කාලෙට ඕන තරම්..
එදාට ලඟ හිටපු මිනිස්සුත් අමතක වෙනවා.. නැති කාලෙට කවුරුත්ම
ලඟ නෑ...
ඒ. එම්. ප්‍රදීපා සී. අත්තනායක
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
සියොත්මග
අන්ධකාර සළු පටින් මුදා...
Saturday, July 20, 2019
Tuesday, July 16, 2019
ශ්‍රී ලංකාවේ වර්තමාන සෞඛ්‍ය ගැටලු
සෞඛ්‍ය යනු පුද්ගලයෙකුගේ මානසික, ශාරීරික හා සමාජීය තත්ත්වයන් හොඳ මට්ටමක, සමබරව පැවතීමයි. බුද්ධ වචනයට අනුව නීරෝගී බව පරම ලාබය වේ. නිරෝගී පුද්ගලයෝ රටකට සම්පතකි. සංවර්ධනයට දායක වන්නෝ ය.
රටක සංවර්ධනය මනින එක් ප්‍රධාන නිර්ණායකකයකි, සෞඛ්‍ය. මේ නිසා රටක් දියුණු වීමට එහි හොඳ සෞඛ්‍යක් තිබිය යුතුයි. නමුත් වර්තමානයේ ලංකාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ සෞඛ්‍ය ගැටලුය. ලංකාව තුළ පමණක් නොව දියුණු වෙම්න් පවතින රටවල ද මෙම තත්ත්වය දක්නට ලැබේ. ඒ අනුව ලංකාවේ වර්තමානයේ දී සෞඛ්‍ය ක්‍ෂ්ත්‍රයේ මුහුණදෙන ප්‍රධාන ගැටලු කිහිපයක් ලෙස,
- ගංවතුර සහ ඒ ආශ්‍රිතව සෞඛ්‍ය ගැටලු
ශ්‍රී ලංකාවේ බහුලවම සිදුවන ස්වභාවික ආපදාව ලෙස ගංවතුර හඳුනාගත හැකිය- අධික වැසි සහිත ප්‍රදේශවල ද කැලණි, කළු, ගිං, නිල්වලා, මහ ඔය සහ මහවැලි වැනි විශාල ගංගාධාර හා ගං මෝයවලට ආසන්න ප්‍රදේශවල ද ගංවතුර තත්ත්වයන් බහුලව දක්නට ලැබේ.
මෙවැනි ගංවතුර තත්ත්වයක් යනු, විශාල ජල කඳක් පිටාර ගලා යාමක් වන අතර එය විශාල බිම් ප්‍රදේශයක් ජලයෙන් ගිල්වා යට කර ගැනීම සිදු වේ. නිර්වචනයට අනුව නම් ‘යම් බිමක් තාවකාලිකව ජලයෙන් යට විමක් මිස සාමාන්‍ය බිමක් ජලයෙන් යට වීමක් නොවන බවයි.’ ගඟක හෝ වැවක නැතහොත් ජලය පිරී ඇති ස්ථානයක් එය පිරී තිබූ කොටසින් පිටාර ගැලීම හෝ කඩාගෙන යාම ගංවතුර ගැලීමට හේතු වේ. එමෙන් ම ජලය පිරී ඇති ස්ථානවල ජලය පිටාර ගැලීම වර්ෂාපතනය සහ අයිස් පතනය වැනි සෘතුමය වෙනස් වීම මත විවිධ වේ. ඊට අමතරව ජලය ගැලීම ගම් නගර සහ අනෙකුත් බිම් පෙදෙස් පුරා පැතිර ගොස් එය ආපදාව තත්ත්වයකට පත්වේඅ. මේ හේතුවෙන් නිවෙස් යට වීම විවිධ විපත්වලට ලක්වීම මෙන් ම විශාල වශයෙන්ම සිදු වන්නේ සෞඛ්‍ය ආශ්‍රිත ගැටලු මතුවීමයි. ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම හේතුයෙන්, පිසූ ආහාර පරණ වීම හේතුවෙන් බැක්ටීරියා ක්‍රියාත්මක වීම, ජලය පිරී පවතින ස්ථානවල ජලය බැස නොයාම, ප්ලාස්ටික් සහ කැලිකසල බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැති වීම ආදී හේතු නිසා විවිධ බෝවන සහ බෝනොවෙන රෝග ව්‍යාප්ත විය හැකිය.
Vectcr borne diseases මෑත කාලීනව ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රබල සෞඛ්‍ය ගැටළුවක් ලෙස හිස ඔසවා ඇත. ඩෙංගු රෝගය ඉන් ප්‍රමුඛ වේ. මැලේරියා සහ එන්කොලයිට් ආදී රෝග ද ඊට දෙවැනි නොවන අයුරින් ව්‍යාප්ත වෙමින් පවතී. පාරිසරික ගැටළු රෝගකාරක මදුරුවන් ගේ බෝවීම ව්‍යාප්තිය පුළුල් කිරීමටත්, බෝවීම වේගවත් කර රෝග ප්‍රචාරණය කිරීමේ හැකියාව වැඩි කරවීමටත් හේතු වන බව තහවරු වි ඇත. විශේෂයෙන් ම සෞඛ්‍යට බලපෑම් එල්ල කරනු ලබන Aedes (ඩෙංගු) සහ Anopheles (මැලේරියා) දෙවර්ගයටම මේ පාරිසරික විපර්යාසය හේතු වී ඇත. ඩෙංගු මදුරුවාට පහසුවෙන් බෝවීමට හැකි පරිසරයක් ශ්‍රී ලංකාව ආශ්‍රීතව දක්නට ලැබෙන අතර එමඟින් රෝග ව්‍යාප්තිය බහුල වශයෙන් සිදුවේ. උණ, පාචන වැනි බෝවය රෝග තත්ත්වයන් ව්‍යාප්ත වීම ද සිදු වේ. මේ අතර සෞඛ්‍ය ක්‍ෂ්ත්‍රය තුළ පවතින දැවැන්ත ප්‍රශ්නයක් ලෙස ඩෙංගු උවදුර පෙන්වා දිය හැකිය.
- කැලි කසළ සහ ඒ ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු
කසල බැහැර කිරිම සම්බන්ධයෙන් මේ වන විට රට පුරා දැඩි අවධානයට ලක්ව පවතින ගැටලුවක් මෙන් ම, පවතින අනෙකුත් ගැටලුවලට සාපේක්‍ෂව වර්ධනය වන ගැටලුවක් ලෙස ද හඳුනාගත හැකිය අපදාව්‍ය පිළිබඳව ගැටලුව නැතහොත් කසල පිළිබඳව ගැටලුව.
මෙම තත්ත්වයට ප්‍රධාන ලෙස ම හඳුනාගත හැකි හේතුව වී ඇත්තේ බැහැර කෙරෙන ඝන අපදාව්‍යයන් නිසියාකාරයෙන් කළමනාකරණය නොවීමයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මෙම ගැටලුව හුදෙක් පාරිසරික සහ සෞඛ්‍ය ගැටලුවකට පමණක් සීමා නොවී ප්‍රබල සමාජ ගැටලුවක් බවට ද අද පත්ව තිබේ. කසල ප්‍රයෝජනයට ගැනීමට නොදන්නා සම්පතකි. එය අනවශ්‍ය වේලාවක වැරදි ස්ථානයක ඇති අමුදාව්‍යයකි. නිසි වෙලාවට නිසි තැනට ස්ථාන ගත කිරිම මඟින් නිසි ප්‍රතිඵල ලබාගත හැකිය.
කසල සමඟ ඇති පොලිතින්, ප්ලාස්ටික් සහ ලෝහ වල ඇති රසායනික ද්‍රව්‍ය ජලයට එක්වීම නිසා දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටලු රැසක් පැන නැඟිය හැකිය. පරිසරයට මුදා හරින කැලි කසල ගිනි තැබීම සිදු කරයි. එම දහනයෙන් ඉතා විෂ සහිත ඩයොක්සීන් වායුව පරිසරයට මුදා හැරේ. මෙම ඩයොක්සීන් වායුව මේදය ඇති ස්ථාන වලින් ශරීරගත විය හැකිය. මීට අමතරව පරිසරයට නිකුත්වන ඩයොක්සීන් පොළොව මත තැන්පත් වී ජලයට එකතු වීමක් ද සිදුවේ. ඊට අමතරව පොළෙවේ ඇති තණකොළ මත ද ඩයොක්සීන් තැන්පත් විය හැක. මෙලෙස පරිසරයට මුක්තවන ඩයොක්සීන් අංශු මිනිසාට ශරීරගත වුව ද ඩයොක්සීන් ජලයේ හා මේදයේ දියවන බැවින් ශරීරයෙන් බැහැර වීමක් සිදු නොවේ. එම නිසා පිළිකා ඇතුළු විවිධ රෝගාබාධ සෑදීමේ දැඩි අවධානමක් වර්තමානයේ දී මිනිසාට ඇති වී ඇත.
- දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු
ලෝක සෞඛ්‍ය සංවිධානය 2015 වසරේ නිකුත් කළ දත්ත අනුව ශ්‍රී ලංකාවේ ජනයාගෙන් 15%ක් දුම්පානය කරති. ඊට පිරිමි 29.4%ක් ද, කාන්තාවන් 0.1%ක් ද ඇතුළත් වෙන බව දැක්වේ. සාමාන්‍යයෙන් භාවිත වන දුම්වැටිවල ඇති අහිතකරම සංඝටකය වන්නේ නිකොටින් ය. මීට අමතරව, තවත් වර්ග රාශියක් ඇති බවත්, ඒවා දහනය මඟින් නිපදවෙන විෂ ද්‍රව්‍ය දුම්වැටි දුමත් සමඟ ශරීරගත වේ.
දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන තත්ත්ව හේතුවෙන් ශ්‍රී ලංකාව සෞඛ්‍ය අතින් විශාල ගැටලු රාශියකට මුහුණ දී ඇත. දුම්පානය කරනු ලබන පුද්ගලයා මෙන්ම දුම්පානය නොකරන පුද්ගලයන් ද විවිධ රෝබාධායන්ට ගොදුරු වේ. තමා දුම්පානය නොකරන නමුත්, ළමා වයසේ දී දුම්පානය කළ දෙමාපියන් ඇසුරේ වැඩුණු පුද්ගලයන් භයානක පෙනහ`ථ රෝග තත්ත්වයන්ට ගොදුරු වී ඇත. දුම්පානයට නිරාවරණය වීම හේතුවෙන්, දුම්පානය කරන පුද්ගලයන්ට වඩා රෝගී වීමේ අවධානමක් පවති. මේ ආශ්‍රිතව බහුලවම දක්නට ලැබෙන සෞඛ්‍ය ගැටලුව වන්නේ හෘද රෝග තත්ත්වයන්ය. ඊට අමතරව,
■ මුඛය, උගුර ආශ්‍රිත පිළිකා
■ වකුගඩු ආශ්‍රි පිළිකා
■ අග්න්‍යශයික පිළිකා
■ ලිංගික බෙලිහීනතා
■ ගැබ්ගෙල පිළිකා
■ හිසකෙස් ගැලවීයාමේ වේගය ඉහළ යෑම
■ මුඛය ආශ්‍රිත තුවාල යට ගැනීම
■ මානසික සමතුලිතතාව බිද වැටීම
■ ඉන්සියුලින් හෝමෝන සඳහා ශරීරයේ සංවේදීබව අඩුවීම නිසා, දියවැඩියාවත්, එහි අතුරු ප්‍රතිඵල ඇතිවීමේ වේගය හා සම්භාවිතාවයන් ඉහල යෑම ආදී සෞඛ්‍ය ගැටලු රාශික් වර්තමානයේ දී ශ්‍රී ලංකාව ආශ්‍රිත දක්නට ලැබේ.
- පලතුරු සහ එළවලුවලට යොදන විෂ රසායන හේතුවෙන් ඇතිවෙන සෞඛ්‍ය ගැටලු
ඉල්ලුම සහ සැපයුම අතර ඇති විෂමතාවය නිසාම අප ගන්නා ආහාර බොහෝමයකට, ශරීරයට අහිතකර විෂ ඇතුල් කිරීමට කූට වෙළදුන් කටයුතු කර ඇති බව පෙනෙන්නට ඇති කරුණකි. මේ අතරින් පලතුරු සඳහා වැඩි වශයෙන් විෂ රසායනයන් ඇතුළත් කරනුයේ පලතුරු කල්තබා ගැනීමටත් ඉක්මනින් ඉද වීමටත් කෘමි හානි වළක්වා ගැනීමටත්ය. මෙවැනි පලතුරු බොහෝමයක් අප දැනුවත්ව හෝ නොදැනුවත්ව ආහාරයට එක්කර ගන්නේ ලෙඩ රැසක් ද දායාද කර ගනිමිනි.
පලතුරු වර්ග ඉදවීම ඉක්මන් කිරීම සඳහා වර්තමානයේ දී එතිෆෝන් (Ethephon) ප්‍රයෝජනයට ගැනීම බහුලව සිදුවන අතර එතිෆෝන් වැරදි භාවිතය සෞඛ්‍යට හානි කරයි. ජලයෙහි වහා දියවන සුළු එතිෆෝන් අවර්ණ ඝණ රසායනික ද්‍රව්‍යක් වන අතර එය ජලයෙහි දිය වූ පසු එතිලීන් නැමැති ක්‍රියාකාරී සංයෝගය නිපදවනවා. මෙහි විෂ සහිත බව අවම වන අතර එතිෆෝම් වැරදි ආකාරයෙන් භාවිත කොට පලතුරු ඉදවීමට යොදා ගැනීම නිසා එහි විෂ සහිත බව ඉතා වැඩි වෙනවා. මෙම රසායනිකය සමඟ නිදහස් වන වායුව ආශ්වාස කිරීමෙන් හෝ සමෙහි ස්පර්ශ වීමෙන් රසායනික අඩංගු පලතුරු, එළවලු අනුභවයෙන් ශරීරයට ඇතුල් වීම සිදුවිය හැකිය. මෙමඟින් ඇතිවිය හැකි දිගුකාලීන සෞඛ්‍ය ගැටලු ලෙස,
■ මතකය හීන වීම
■ අපස්මාරය
■ මුඛයේ තුවාල
■ වකුගඩු ආබාද
■ පිළිකා අවදානම (බඩවැල ආශ්‍රිතව)
- දර ලිප් භාවිතයේ දී ඇතිවන සෞඛ්‍ය ගැටලු
මීට දශක කීපයකයට පෙර ආහාර පිසීම සඳහා ශ්‍රී ලංකාවේ බහුලවම භාවිත කෙරුණේ දර ලිප්ය. අද වන විට සොයා ගෙන ඇත මෙම දර ලිප් මඟින් සෞඛ්‍යට අහිතකර බලපෑම් ඇති කරන බව.
ශ්‍රී ලංකාවේ පවතින ගෘහස්ථ වායු දූෂණය හේතුවෙන්, දුම්වැටි පානය නිසා ඇතිවන රෝගී තත්ත්වයන් හා සමාන රෝග සහ පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බව මහනුවර මහ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර පවසයි.
දර ලිප පාවිච්චි කිරීමේ දී අපි ඊට ප්ලාස්ටික්, පොලිතින්, භූමිතෙල් වගේ දේවල් දානවා. දර ලිපෙන් නිකුත්වන ඒ දුමෙන් ශරීරයට ඉතාමත් අහිතකර කාබන් මොනොක්සයිඞ්, නයිට්‍රස් ඔක්සයිඞ්, සල්ෆර් ඩයොක්සය්ඞ් වගේ අංශු පිට වෙනවා. මෙමඟින් ඇතිවෙන සෙඛ්‍ය ගැටලුවලට කාන්තාවන් වැඩිවශයෙන් ගොදුරු වේ. එම දුම, දුම් පානයට වඩා වැඩි හානියක් ඉන් සිදුවන බව හදුනාගෙන ඇත. මේ තුළින් හඳුනාගත හැකි සෞඛ්‍ය ගැටලු ලෙස,
■ පෙනහළු පිළිකා
■ ඇදුම රෝග
■ පටල හානි
- සංක්‍රමණිකයන් නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු
තම රට තුළ හෝ රටින් පිට කවර හේතුවක් මත හෝ සාමාන්‍යයෙන් තමා ජීවත්වන ස්ථානයෙන් බැහැරව යන එන පුද්ගලයන් සංක්‍රමණිකයන් ලෙස හැඳින්වේ. සිය කැමැත්තෙන් හෝ රටින් පිටුවහල් කරනු ලැබීමෙන් හෝ නීති විරෝධී ක්‍රමවලින් රට තුළට එන යන පුද්ගලයෝ ද මේ ගණයට අයත් වෙති. මෙම සංක්‍රමණිකයන් ආශ්‍රිතව ද සෞඛ්‍ය ගැටලු රාශියක් උද්ගතව පවතී.
සංක්‍රමණිකයන් රටවල් තුළට පැමිණීමේදී ඒ රටෙහි තුරන් කරන ලද රෝග වෙනත් රටවලින් මේ රට තුළට සංක්‍රමණය විය හැකිය. නිදසුනක් ලෙස ශ්‍රී ලංකාවෙන් දැනට තුරන් කරන ලද රෝග වන මැලේරියාව හෝ බරවා වැනි රෝග සංක්‍රමණිකයන් මඟින් යළිත් මෙරටට ඇතුල්විය හැකිය. එමෙන් ම එච්අයිවී ඒඩිස් හෝ වෙනත් ආගන්තුක රෝග සංක්‍රමණිකයන් මඟින් ව්‍යාප්ත විය හැකිය.
- කූපෝෂණය ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු
ශරීරයට අවශ්‍ය වන පෝෂක අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ලැබීම හෝ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ලැබීම කූපෝෂණය ලෙස හැඳින්වේ. මෙම තත්ත්වය නිසා අප සෞඛ්‍ය ගැටලු රාශියකට මුහුණපානු ලබයි. මානසික සහ කායික වර්ධනය, ඵලදායීතාවය හා ජීවන කාලය කෙටි වීම කෙරෙහි අහිතකර ලෙස මෙම තත්ත්වය බලපානු ලබයි.
දුප්පත්කම හෝ නොදැනුවත්කම හේතුවෙන් ආහාරයන් සමඟ අවශ්‍ය පෝෂණ කොටස් අවශ්‍ය ප්‍රමාණයට නොලැබීම හෝ ගන්නා ලද ආහාරයේ පවතින පෝෂක කොටස් ශරීරයේ පවතින රෝගී තත්ත්වයන් හේතුවෙන් නිසි පරිදි ශරීරයට අවශෝෂණ කර නොගැනීම ඌන පෝෂණය සඳහා ප්‍රධාන වශයෙන් බලපානු ලබයි.
එමෙන්ම විශාල ප්‍රමාණයන්ගෙන් අනවශ්‍ය ලෙස මේදය, පිෂ්ඨය වැනි සමහර පෝෂක කොටස් ශරීරයට ලබා ගැනීම අධි පෝෂණය සඳහා හේතු වේ. කූපෝෂණය හේතුවෙන් සිත එක්තැන් නොවීම, මන්දපෝෂණ ඇති වීම, නිරන්තරයෙන් විවිධ රෝගී තත්ත්වයන්ට ලක් වීම, උනන්දුව නොමැති වීම ආදී තත්ත්වයන් ඇතිවිය හැකිය. මෙමඟින් ශුම බලකාය මන්දගාමී වන අතර, රටේ සංවර්ධනය අඩාල වේ.
දශක කීපයක් පුරා මෙරට පැවති සෙඛ්‍ය ගැටලු තත්ත්වයන් වර්තමානයේ දී ත් ඒ අයුරින්ම අර්බුද රාශියක් නිර්මාණය වී ඇති බව අවිවාදයෙන් යුතුව පිළිගත හැකිය. පෞද්ගලික මෙන්ම ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් රැසක අවශ්‍යතාවය මතුවෙමින් පවතින අතර එයට සැපයුම් පාර්ශවය ප්‍රමාණවත් නොවන පරිදි හා හිතකර නොවන පරිදි සේවාවන් සපයමින් සිටී.
විවිධ ආසාදන, මන්දපෝෂණය ඇතුළු අතීතයේ සිට එන රෝගාබාධවලට අමතරව මෑතක දී එකතු වූ ඩෙංගු, උතුරු මැද වකුගඩු රෝගය, දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලොස්ටරෝල්, හෘදයාබාධ, මානසික ආබාධ, පිළිකා. හදිසි අනතුරු, විෂවීම්, ස්වසන ආබාධ, මත්පැන්/මත්ද්‍රව්‍ය/දුම්වැටි ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු, ස්ථුලතාවය සහ මන්දපෝෂණ විෂමතා මෙන්ම අන්තර් පුද්ගල ගැටුම්, විවිධ වෘත්තීන්වල නිරතවන්නන් මුහුණ දෙන වෘත්තීය සෞඛ්‍ය ගැටලු හේතුවෙන් දහස් ගණන් රෝගී බවට පත්වේ.
වර්තමාන සෞඛ්‍ය රටාව තුළ යහපත් ජීවිතයක් පවත්වාගෙන යාමට, වඩාත් යහපත් සෞඛ්‍ය සම්පන්නව සිටීම අනිවාර්ය වී ඇති බැවින් රෝගාබාධවලට ගොදුරු නොවී සිටීමට හෝ වැළඳුනහොත් එයට ඉහළම ප්‍රතිකාර ගැනීම සිදු කළ යුතුය. එබැවින් ඉල්ලුමට සරිලන පරිදි සෞඛ්‍ය සේවාව ශක්තිමත් වීම අනිවාර්ය වී ඇත.
ඒ. එම්. ප්‍රදීපා සී. අත්තනායක
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
අවමංගල චාරිත්‍ර හා බැදුණු ආගමික අන්තර් සංස්කෘතිකය
මරණය නැමැති සංසිද්ධිය සවිඥානික හෝ අව්ඥානික සියලු වස්තූන්ට පොදු වූවකි. එම නිසා සියලු ආගමිවල, සංස්කෘතීන්වල බොහෝ දේශානාවන්ට මරණය පදනම් වී ඇත.
ලෝකයේ සෑම ආගමක්ම පාහේ පුද්ගලයාගේ මරණින් පසුව ඔහුව කිසියම් ප්‍රතිෂ්ඨාවක් පවතින බව පිළිගෙන ඇති බවට සාධක ඇති අතර, එබඳු විශ්වාසයන් ඔවුන් අතර පැවතුණු බවට සාධක ඓතිහාසික වශයෙන් ද ලැබී ඇත. එම නිසා මරණින් මතු පැවැත්ම පිළිබඳව මෙන්ම අවමංගල චාරිත්‍ර පිළිබඳව ද විවිධ විශ්වාසයන්, විග්‍රහයන් සියලු සංස්කෘතීන්, ආගම් ආශ්‍රිතව ඉදිරිපත් වී ඇත. යම් යම් වෙනස්කම් සහිතව වුව ද එක් එක් ආගමික සංස්කෘතීන් හුවමාරුව තුළින් ඉටුකරනු ලබන මෙම අවමංගල චාරිත්‍ර ඉටු කිරීමේ අරමුණු එකක්ම බව පෙනේ. එනම් මියගිය පුදිගලයා සැපවත් කිරිමයි.
පිරමීඩ සහ මළමිනී සම්බන්ධව මිසර වාසීන් නොයෙක් දෑ දැන සිටි බව හඳුනාගත හැකිය. එමෙන්ම ඔවුන්ගේ විශ්වාසයන් සහ ඇදැහීම් වත්මන් අවමංගල කලාව දක්වා පැමිණ ඇති ආකාරයක් දක්නට ලැබේ. මිසර ජනතාව පිරමීඩ තනනු ලැබුවේ අතීතයේ එහි විසූ පාරාවෝ නමින් හඳුන්වනු ලැබූ උසස් රාජවංශිකයන් වෙනුවෙන් වුවත් ඊට පෙර කාලවල දී මළමිනී ආරක්‍ෂා කර ගැනීමේ යම් යම් ක්‍රියාදාමයන් මිසර වැසියන් අතින් සිදු කල බව පැහැදිලි වේ. විශේෂයෙන් මෙහි ජීවත් වූ මිනිසුන් මළවුන්ගේ සහ ඔවුන්ගේ නැවත ඉපදීම පිළිබඳ දැඩි විශ්වාසයකින් පසු වූවන් විය. මේ නිසා ඔවුන් සතුව මළවුන් පිළිබඳව අමුතුම සංස්කෘතියක් විය. මෙම විශ්වාසයන්හි යම් ආකාරයක ආභාසයක් අපේ සියලුම ආගම් තුළින් දක්නට ලැබෙන බව හඳුනාගත හැකිය.
ඓතිහාසික යුගයේ දී ඔවුන්ගේ විශ්වාසය වූයේ මරණින් මතු නොයෙක් දෙවිවරු කරා ළඟා විය හැකි බවයි. මේ කාලයේ දී මිනිසුන්, මිනිසාගේ භෞතික ශරීරය දෙවියන් විසින් මවා ඇති බව විශ්වාස කරනු ලැබීය. එමෙන්ම මළ තැනැත්තා දෙස දෙවියන් නිතරම බලන කළ ඔහු සතුටු කිරීමට නිතරම සොහොන් ගෙවල් තුළ ආහාර තැන්පත් කරනු ලැබූ අතර, දෙවිහන් හා මළ මිනිය අතර සමිබන්ධතාව එයින් බලාපොරොත්තු වී ඇත.
ඊජිප්තු ඉතිහාසයේ මුල් ම අවදියේ දී මිනී වළලනු ලැබුවේ වැල්ලේ වැලි යට බව පෙනේ. නොගැඔුරු මිනීවලක දමා ඇත. ඇතැම් අවස්ථාවල දී කලාල සෑදීමට ගන්නා ද්‍රව්‍යකින් ආවරණය කර තීබූ අතර සමහර අවස්ථාවල ලීයෙන්, මඩවලින් සහ ගල්වලින් ද භූගත සුසාන තනා තිබිණි. එසේ තැන්පත් කරන ලද මළමිනීවල ස්වරූපය ඉක්මනින් වෙනස් වේතැයි ඔවුන් තුළ විශ්වාසයක් වූ නිසා ලිනන් රෙදි පටිවලින් ඔතා රේසින් ආවර්ණයක් ද යොදන ලදී. මේ නිසා මළමිනියේ මූලික හැඩය ආරක්‍ෂා වී පැවතුණි.
ඊජිප්තු වාසීන්ගේ කෘතීම මළමිනී සංරක්‍ෂණය, එම්බාම් හෝ මමීගත කිරීම යනුවෙන් හඳුන්වයි. මළමිනී විෂබීජ හා වෙනත් ආපදාවන්ගෙන් ආරක්‍ෂා කිරීම සඳහා රේසින් සහ තෙල් භාවිත කිරීම සිදු කර තිබේ. ඊට අමතරව කිසියම් විශේෂිත ආකාරයකින් මළමිනී රත් කිරීමෙන් පු`ථස්සා තිබිණි. ඔවුන් මෙලෙස සිදු කර ඇත්තේ, මිනිසෙකු මළ පසු ඉන් දින 70කට පසුව නැවත උපදින බවත්, මළමිනිය අලුත් ලෝකයකට සූදානම් කිරීම සඳහා මෙසේ මළමනී සකස් කරනු ලැබූ බවත්ය.
ක්‍රි.පූ. 6000 වන විට මිසරයේ මළමිිනී බොහෝ සංඛ්‍යාවක් එම්බාම් කිරීම ආරම්භ කෙරෙණි. මළමිනී පවිත්‍ර කිරීමද සිදු කරනු ලැබූ බව සඳහන් වේ. පුරාණ කාලයේ සිටම ජලයෙන් මළ ශරීරය සෝදනු දක්නට ලැබුණි. මළමිනියේ පෙනහැල්ල, හදවත, උදරය ආදිය ඉවත් කොට වෙනත් සුගන්ධවත් ද්‍රව්‍ය වලින් පුරවා තබයි. මේ ආකාරයට මුල් කාලයේ එම්බාම් කිරීම සිදු කර ඇති බවට හඳුනාගත හැකිය. මෙලෙස එම්බාම් කර සකස් කර ගත් පසු ඒවා තව දුරටත් ආරක්‍ෂා කර ගැනීම පිණිස මිනී පෙට්ටි තුළ තැන්පත් කරනු ලැබීය. මුල් කාලීන ඇතැම් මළමිනී තදින් ඔතන ලද වෙ`ථම්පටි කිහිපයකට පමණක් සීමා වුවත් පසුව ඒවා ලිනන් රෙදිවල ඔතා ලී පෙට්ටියක බහා වර්ණ ගන්වා තවත් හතරැස් ලී පෙට්ටියක බහාලනු ලැබීය. ඉන්පසු කාලවල දී දැව උඩින් බදාම ආලේප කොට සිතුවම් ඇදි මිනී පෙට්ටි දක්නට ලැබේ.
ඉහළ ඊජිප්තුවේ පූර්ව රාජවංශ බදාරියන් සංස්කෘතිය කාලයේ දී මළමිනී හම්වල එතීම හෝ කූඩාවල දමා වැළලීම සිදු කර තිබේ. මළමිනී වැළලීමේ දී හිස දකුණටත් මුහුණ බටහිරයත් සිටින සේ වළදමා ඇත. බදාරියන් සංස්කෘතියේ අවසානයත් (ක්‍රි.පූ.8000ටත් පෙර) සමඟම ආරම්භ වූ පූර්ව රාජවංශ යුගයට අයත් හැකියුදා I කාලයේ ඊජිප්තුවේ ඇසියුට් නගරයේ විවිධ තැන්වලින් සුසාන භූමි දක්නට ලැබුණි. මෙම සුසාන භූමි පසු කාලයේ දී භාවිතයට ගෙන ඇත. මෙම කාලයේ දී මිනී වැළලීම සිදු කර ඇති අතර අවමංගල කටයුතු සඳහා අවශ්‍ය උපකරණ නිෂ්පාදනය කර ඇති බව ද හඳුනාගත හැකිය. ඇත් දළ නිදසුන් ලෙස දැක්විය හැකිය.
හැකියුදා III මුල් රාජවංශයේ දී සෘජුකෝණාශ්‍ර හැඩති සොහොන් වළවල් හමු වී තිබේ. ඒවායේ පොදු මාධ්‍යය වූයේ ගඩොල් හෝ දැව ආවරණයකි. එය අනුගමනය කරමින් තනනු ලැබූ සොහොන් රැසක් ම සොයා ගෙන ඇත.
ප්‍රාග් රාජවංශික සොහොන වූයේ අවට පැති මළසිරුර මතට කඩා වැටීම වැළැක්වීම පිණිස ලෑලි, පතුරු වැලි වලින් ඉවුරු නංවන චතුරශ්‍රාකාර හෝ අණ්ඩාකාර මිනී වළකි. පන් වලින් වියන ලැබූ පැදුරක, හණ රෙදි, ආවරණයක හෝ සතෙකුගේ හම්කඩක දවටනු ලබා සිරුර එක් අංශයකට හරවා වක ගැසුණු ඉරියව්වකින් සිටින සේ හොවා ඒ සමඟ මිය ගිය තැනැත්තාගේ පෝෂණය සඳහා යැයි ආහාර පාන පුරවන ලඳ භාජන කිහිපයක් ද ඒ අසලින් තබා ඇත. එමෙන් ම සොහොන භූත ආත්මයට හඳුනා ගැනීමට නොහැකි වේ යැයි සිතා ඔහුගේ නම සහ පදවිය එහි ගැසීම ද සිදු කර ඇත.
ඊජිප්තුවේ ඇතැම් ප්‍රදේශවල මළමිනී පැදුරුවලින් ආවරණය කරනු ලැබ ඇත. ඉන්පසු වැලිවලින් හෝ පස්වලින් වසා දමා තිබේ. පූර්ව රාජවංශ යුගයේ අවසානයේ දී ගඩොලින් කළ ආවරණයක් තුළ මළමිනිය තැන්පත් කර තිබේ. මුල් ම මිනී පෙට්ටි නිර්මාණය කර ඇත්තේ ලීයෙන්, මැට්ටෙන් හෝ මැටි බඳුන් වශයෙනි. පැරණිතම මිනීපෙට්ටි තුළ මිනී බහා තිබුණේ දෙදණ මුහුණට සමීප වන ආකාරයට නවා තැබීමෙනි.
පිරමීඩ තැනීමට පෙර විශාල වශයෙන් නිමාවුණු මස්තබා ගොඩනැගිලි සොහොන් ගෙවල් වශයෙන් ඉදිකරනු ලැබුණි. පූර්ව රාජවංශ යුගයේ දී සාමාන්‍ය වළක මිහිදන් කරනු ලැබූ මළ සිරුර පසුව මඩ ගොඩවලින් තනන ලද මස්තබා සුසානවල තැන්පත් කරනු ලැබිය. මස්තබා සුසාන සඳහා පළමුවරට ගල් භාවිත කරන ලද්දේ III වෙන රාජවංශ යුගයේ දීය.
ඉන්දීය ශිෂ්ටාචාරය
මොන්ගෝලියානු ජාතිකයන් සහ සම්මිශ්‍රණය වූ මිශ්‍ර සමාජයක් මේ ශිෂ්ටාචාරය තුළ වීසූ බව පෙනේ. මෙහි අවමංගල චාරිත්‍ර විධි කිහිපයක් පැවති බවට සාධක සොයා ගෙන ඇත. මළමිනී ඉවත් කිරීමේ ක්‍රම 3ක් දැනට සොයා ගෙන ඇත.
- මුළු සිරුරම භූමදාන කිරීම - එවැනි ඇටසැකිලි 30ක් දැනට සොයා ගෙන තිබේ. මෙසේ භූමදාන කිරීමේ දී මිනිසුන් විසින් භාවිත කරන ලද බඩුබාහිරාදිය හා පූජා භාණ්ඩ ද මේ සොහොන් ගැබ්වල තිබී සොයා ගෙන ඇත.
- මළ මිනී සතුන්ට ආහාර ලෙස එහෙම පිටින් ම ඉවත දමන ලද බවට ද සාධක ඇත. මළමිනිය සතුන්ට ආහාරයට ලක් වීමෙන් පසුව ඉතිරි වූ ඇට කටු භාජනයක දමා වළලා තිබී හමු වී ඇත.
- මළමනී ආදාහනය කොට අවශේෂයන් තැන්පත් කොට තැබීම තුන්වන ක්‍රමයයි. මෙහි වළලු, ඇට කටු, ප්‍රතිමා, අඟුරු හා අ`ථ සමඟ මිශ්‍රව හමු වී ඇත.
මරණයෙන් පසුව හැකි ඉක්මනින් මෘතදේහය ආදාහන භූමියට රැගෙන යයි. ශෝකවන්නෝ එය පිටුපසින් ගමන් ගනති. අවමඟුල් පෙරහැරේ ලඟින්ම යා යුත්තේ වැඩි මහල්ලන්ය. ආදාහන කෘත්‍ය කරන ලද්දේ වේද මන්ත්‍රාදිය කියද්දීය. ශෝකවන්නන් වාමාවර්ථව චිතකය වටා ගමන් කරයි. ඊට පසු ඔහු ලඟම ඇති ගඟකින් හෝ ජලාශයකින් ස්නානය කර නිවසට පැමිණේ. ආදාහනයෙන් පසුව 3වන දවසේ භෂ්මාවශේෂ වූ ඇට කටු එකතු කොට ගංගාවකට දමනු ලැබේ.
ආදාහනයෙන් දවස් 10ක් යනතුරු මළවුන් වෙනුවෙන් පැන්, බත් පිඩු, කිරි බඳුන් ද පූජා කරන ලදී. මරණයත් සමඟ මිනිසාගේ ආත්මය පීතෘ ලෝකයට යාමට හෝ නව ජීවයක් වශයෙන් පිළිසිඳ ගැනීමට ශක්තියක් නැති ප්‍රේතයකු බවට පත් වෙයි. 19 වන දසසේ දී මළවුන් වෙනුවෙන් පවත්වන ආගමික පිළිවෙත් අවසානයේ ආත්මය සියුම් ශරීරයක් ලබා සිය ගමන ආරම්භ කරයි.
මේ අවමංගල චාරිත්‍ර පුරාතන ඉන්දියාවේ උසස් පන්ති විසින් අනුගමනය කළ අයුරුයි. ඒවා අද පවත්නා හින්දු ආගමික චාරිත්‍රවලට වෙනස් නොවේ. එසේ වුවත් මේ හැර වෙනත් අවමංගල විධි ද එකල තිබිණි. හරප්පා සංස්කෘතියට අයත් වූවෝ මෘත ශරීර වැළලූහ. ආදී ආර්යයන්ගේ මළවුන්ගේ භෂ්මාවශේෂ ගඟකට දැමීම හෝ බිම වැළලීම සිදු කළහ. තවුසන්ගේ හා දකුණු ඉන්දීය පහත් කුලවලට අයත් ජනයාගේ මෘත ශරීර ද භූමදාන කරනු ලැබේ. මෙම සිරිත පුරාණ කාලයේ සිට පැවත එන්නකි.
ඇතැම් අවස්ථාවල දී දැක්වෙන්නේ භෂ්මාවශේෂයන් කුණු වී ගඳ ගසන කුණු පිරී ගිය තැන් ලෙසය. එවැනි දේ වලින් පෙනී යන්නේ පැරණි ඉන්දියාවේ බොහෝ දෙනා මළවුන් ආදාහනය නොකොට පර්සියාවේ වසන ශරත්‍රස්ත්‍ර භක්තිකයන් වගා සතුන්ට ගොදුරු වීමට අමු සොහොනට ඇද දැමූ බවයි. වියදම් අඩු කිරීමට විශේෂයෙන් දර හිඟ පළාත්වල මෙසේ කරන ලඳ බව පැවසේ.
පැරණි ඉන්දියාවේ මිය ගිය අයගේ දේහයන් අමු සොහොන්හි දමන ලද බවට තොරතුරු හමුවෙයි. බොහෝ විට මෙම අමු සොහොන් පහත් කුලවල හා දුප්පත් අයට සීමා වී පැවතිණි. උසස් කුලවල අයගේ මෘත ශරීර ආදාහනය කෙරෙණි. ආදාහනයෙන් පසු ඉතිරිවන භෂ්මාවශේෂ ශුද්ධ වූ ජලයේ පා කර හැරීම ද, මිහිදන් කර පස් ගොඩ ගැසීම ද සිදු කර තිබිණි. එසේම කිල්ල පිළිබඳ සංකල්පයද භාරතීය සමාජයේ මුල් බැස ගත්තකි. මෘතදේහය ආදාහන භූමියට වේද මන්ත්‍ර ගයමින් ගෙන යද්දී ඥාතීන් හා ශෝකවන්නන් පසුපසින් ගමන් කිරීම ද සිදුවිය. ඥාතීන් චිතකය වටා ගියේ වාමාවර්ථවය. ආදාහන කටයුතු නිමවා ඔවුන් නිවස වෙත පැමිණියේ අසල ගඟකින් කිලි සෝදා ස්නානය කිරීමෙනි.
බ්‍රාහ්ණමයන් ස්නානාය කරනු ලබන්නේ සතියට දින දෙකක් පමණි. ඒ අඟහරුවාදා සහ සිකුරාදා යන දවස් දෙකය. ඉන්දියාවේ මිනිසුන් මැරුණු පසු මිනිය දවා අ`ථ ගංගානම් නදියට දමනු ලබයි. එබැවින් බ්‍රාහ්මණයන්ට ස්නානය කිරීමට ගංගානම් නදියේ පිරිසිදු ජලය එක් දිනක්වත් නොමැති බැවින්, අඟහරුවාදා සහ සිකුරාදා ගඟට මිනී අ`ථ දැමීම තහනම් කරන ලදී. වර්තමානයේ මිනිසුන් තුළ ද මෙම චාරිත්‍රය දක්නට ලැබේ.
පැරණි ඉන්දියාවේ පැවති මෙම අවමංගල චාරිත්‍ර ඔස්සේ ද දේශීය අවමංගල චාරිත්‍ර බොහෝමයක් සකස්ව ඇතැයි විශ්වාස කළ හැකිය. සුසාන භූමි ඇති වීම, චිතක හා ස්මාරක ඉදිකිරීම, භෂ්ම ජලයෙහි පා කර හැරීම මෙන් ම කිලි පිළිබඳ විශ්වාසයන් ද ඒ අතර වේ. මෙලෙස පැමිණි සංකල්ප අතර ඇති වෙනස වන්නේ ඒවා හුදෙක් එක් එක් සංස්කෘති හා එක් එක් ආගමික සංකල්ප ඔස්සේ විකාශය වී තිබීමයි.
බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගමික භක්තිකයෝ වෙසෙන රටක් වන ලංකාවේ අවමංගල සිරිත් විරිත් තුළ මෙන් ම ඒ හා බැඳුනු සංස්කෘතිකාංග තුළ ද ඇත්තේ විවිධත්වයකි.
ක්‍රිස්තියානි භක්තිකයන් ඊජිප්තුවේ වූ පිරමීඩ ඔවුන්ගේ බයිබලයේ සඳහන් යම් යම් ප්‍රවෘත්තීන් සමඟ සංසන්ධනය කිරීමට පෙළඹී සිටි බව පෙනේ.
පින් පොත කියවීම ද අතීතයේ සිට මෑත දක්වා පැවති සිරිතකි. මරණ මංචකයේ සිටි දුටුගැමුණු රජ්ජුරුවන්ට ථෙරපුත්තාභය හිමියන් විසින් බණ දෙසූ බවත් ඉන් ඉක්බිතිව පින් කිරීමට සඳහන් පින් පොත කිය වූ බව ද ථූපවංශයේ සඳහන් වේ. කෑගල්ල ඇතැම් ප්‍රදේශවල අදටත් මෙම චාරිත්‍රය ශේෂ වී ඇත.
මන්නාරම අපර පෙම්පරිපුටෙන් හමු වූ විශාල මැටි බඳුන් ද මූල ඓතිහාසික යුගයේ සුසාන ක්‍රමයක් ගැන කියාපායි. ඒ මැටි බඳුන්වල දිරා ගිය ඇට සැකිල්ලක් බැගින් තිබුණු අතර මළවුන්ට ආහාර දුන් බවට ද සලකුණු ඇත. මෙම මැටි බඳුන්වලට සමාන වූ මැටි බඳුන් මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ටාචාරයට අයත් සින්දු ගං නිම්නය අසබඩින් හමු වී ඇත. මේ අනුව පැහැදිලි වන්නේ මෙම මෙගලතික සුසානය ඉන්දීය ආභාසය ඔස්සේ ඇති කරන ලද්දක් යැයි සිතිය හැකිය. මීට අමතරව යකඩ යුගයට අයත් සුසාන භූමි කන්නරෝඬේ ප්‍රදේශයෙන් හා කතරගම ප්‍රදේශයෙන් හමු වී ඇත.
මෙලෙස හමු වූ ඇතැම් මිනීවල හිස් කබලේ නළල ප්‍රදේශයේ සිදුරු කර ඇති ආකාරයක් දක්නට ලැබෙතැයි මානව විද්වතුන් සඳහන් කරති. මෙසේ කරන්නට ඇත්තේ ඇතැම් ආගමික විශ්වාසයන්ට අනුව නොදියුණු ගෝත්‍ර කණ්ඩායම් විසින් යැයි අනුමාන කෙරේ. මෘත දේහය තැන්පත් කරන මැටි බඳුන් තුළට ආහාර දැමීම ද සිදු කර ඇත. පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරය තුළ ද මෙම චරිත දක්නට ලැබිණි.
ඉහත ආකාරයට මුල් කාලයේ අවමංගල චාරිත්‍ර වාරිත්‍ර ශිෂ්ටාචාර ගතව සිදුව ඇති අතර, වර්තමානයේ දී එක් එක් ආගම්වලට සංස්කෘතීන්ට අනුව එහි ආභාසයන් රැගෙන අවමංගල චාරිත්‍ර සිදු කරන ආකාරයක් හඳුනාගත හැකිය.
ඒ.එම්. ප්‍රදීපා සී. අත්තනායක
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
Saturday, July 13, 2019
බැඳීම්
හිත හදන්න ඉන්නේ ටික දෙනයි
කවුරුවත් කඩන හිතක් තවත් කාටවත් හදන්න වෙන එකත් දුකක්
ඒත්... අපි ජීවිතේ හැම පැත්තෙන්ම උදව් ඉල්ලන සරණාගතයෝ වගේ
ඉන්නේ් ඔළු ගෙඩි විතරයි කියලත් වෙලාවකට හිතෙනව...
ජිවිතේ කියා දෙන්න හොඳ හදවතක් ඕන ඒ නිසා කියලත් හිතෙනවා.
මිනිස්සුන්ට හොඳ හදවතක් ඇතිව ජීවත් වෙන්න....
ඒ.එම්.ප්‍රදීපා සී.අත්තනායක
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
ඒ.එම්.ප්‍රදීපා සී.අත්තනායක
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
Friday, July 5, 2019
පරිභෝජන කලාව සහ මාධ්‍යය
මානවයාගේ පරිභෝජනය සහ මාධ්‍ය අතර සම්බන්ධය නිසා මාධ්‍යවල භාවිත වන සන්නිවේදන ආකෘතිය වර්තමානයේ දී ප්‍රචාරන ආකෘතියක් බවට පත් ව ඇත. මෙහි දී සන්නිවේදකයා සහ ග්‍රාහකයා යනු එකම පුද්ගලයෙකි. ඒ අනුව මෙම ප්‍රචාරන ආකෘතියේ දී සෑම මාධ්‍යකම අරමුණ වී ඇත්තේ කුමන හෝ උපක්‍රමයකින් ග්‍රාහක ආකර්ශණය, අවධානය අල්ලා ගැනීමයි. මෙම කාරණයේ දී සන්නිවේදනය කරනු ලබන පණිවිඩයේ සත්‍ය අසත්‍යතාවය හෝ කුමක් ද යන වග ද වැදගත් නොවේ. මෙම තත්ත්වය වර්තමාන ජන සන්නිවේදනය තුළ මානවයා මුහුණ දෙනු ලබන බරපතල අභියෝගයක් බව පැහැදිලිය.
පරිභෝජන ආකෘතිය යොදා ගනිමින් මාධ්‍ය මෙම කටයුතු සිදු කරනු ලබන්නේ ජනප්‍රිය සංස්කෘතිය යනුවෙන් දැක්වෙන ක්ෂේත්‍රය මුල් කරගෙනය. හුදෙක් ග්‍රාහක අවධානය දිනා ගැනීමේ අරමුණින් නොයෙක් මාධ්‍ය වැඩසටහන් ආශ්‍රිතව මතුවන කලාව තුළට මුවා වී පරිභෝජන රටාව ව්‍යාප්ත කිරීමක් සිදු කරයි. විලාසිතා, රුචි අරුචිකම්, හැසිරීම් රටා, පරිභෝජන රටා, විනෝදාස්වාදය ආදිය ජනප්‍රිය සංස්කෘතිය තුළට ඇතුලත් අංග කිහිපයකි. මෙම අංග තුළට විවිධ ජනප්‍රිය පුද්ගලයන් නලු නිළියන් බවට පත් කර, තරුණයන්ගේ මතවාද තුළට ආකර්ශණීය ලෙස පරිභෝජන රටාව ඇද ගැනීම සදහා හැඩකාර දෙවල් මාධ්‍ය මගින් නිර්මාණය කරනු ලබයි. මේ අනුව ලිංග භේදයකින් තොරව මානවයාගේ පරිභෝජන රටාව වෙනස් මානසිකත්වයකට හැඩගැස්වීමට වර්තමාන මාධ්‍ය සමත්ව ඇත.
මෙම මාධ්‍ය ආකෘතීන් මෙහෙයවන සහ පර්භෝජන මතවාද ව්‍යාප්ත කරන මාධ්‍ය ජාලයෙන් වැඩි කොටසකට හිමිකම් කියන්නේ ඇමෙරිකානු සමාගම්ය. ඒ අතර General electric, Sony, News Corporation, AT and media, Time Warner ඇතුළත්ය. බටහිර සමාජ ගර්භාෂයේ උපත ලැබුව ද මෙම සංකල්පය ප්‍රවාහයක් ලෙස වර්තමානයේ දී ලෝක සිතියම පුරා පැතිර ගියේ ප්‍රාසාංගිකවය. ආගම්, භාෂා, සංස්කෘතික සීමා ඉක්මවම්න් සියල්ලන්ම සමානුපාතික වෙමින් කිසිදු වෙනසකින් තොරව මුමිබායි, ටෝකියෝ, නිව්යෝරික් ආදී නගරවල මෙන් ම කොළඹ පුරවරයේ ද සැරිසැරිම වෙළදපොළ මාධ්‍ය ප්‍රචාරන ආකෘතිය ලබාගත් විශිෂ්ට ජයග්‍රහනයකට නිදසුන් ලෙස දැක්විය හැකිය.
මෙම සියල්ල සිදු වන්නේ මිනිසා විසින් අද දවසේ ලබා ගත් තාක්ෂණික ජයග්‍රහනය නිසා බව තේරුම් ගත යුතුය. මේ නිසා වෙළද මාධ්‍ය විසින් ප්‍රචලිත කෙරෙන ඉහත කී දෑ පිළිබදව මසැසින් නොව මනසින් සිතා බැලිය යුතුය. මාධ්‍යයන්හි කලාත්මක බව ආරක්ෂා කරන්නට නම් අප මේ පිළිබදව අවබෝධයක් ලබා ගත යුතුය. මානවයාගේ පාරිභෝජන රටාවල මාධ්‍ය සහ ජනප්‍රිය සංස්කෘතිය යන සාධක පිළිබදව වෙන වෙනම වටහා ගැනීම මනාය. මේ තත්ත්ව තුළ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය මගින් පැතිරෙන කලාව සහ පාරිභෝජන රටාව සියුම්ව, අර්ථවත්ව ප්‍රභේද කර වටහා ගැනීම අප සතුය.
Thursday, June 27, 2019
සන්නිවේදන නිර්වචන
මිනිසා සාමූහික සත්ත්වයකි. සාමූහිකත්වයෙන් තොරව මිනිසාට පැවැත්මක් නැත. සාමූහික පැවැත්මක් සඳහා එකඟතා, සම්මුතීන්, තේරුම් ගැනීම් යනාදී බොහෝ සාධක අවශ්‍ය වේ. දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් අතර මෙම ක‍්‍රියාවලිය සිදු වන්නේ කෙසේද? එනම් තේරුම් ගැනීම සිදුවන්නේ කෙසේද? එකඟතා ඇති වන්නේ කෙසේද? සම්මුතීන් ගොඩනැගෙන්නේ කෙසේද? යන සියලූ දැ වර්ධනය කරමින් සන්නිවේදනය සිදුවේ. එනම් කුමන හෝ අදහස් හුවමාරුවක් සිදුවන බවයි.
එක් පුද්ගලායකුගේ සිතේ පහළවන සිතුවිල්ලක් තවත් පුද්ගලයෙකුට ප‍්‍රකාශ කළ පසු දෙදෙනාම ඒ සිතුවිල්ල දරන්නන් බවට පත්වේ. සමාජයක් තුළ පවතින සියලූ එකඟතා, බැඳීම්, සම්මුතීන් හා තේරුම් ගැනීම් ඉහත ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයන්ය. අප සන්නිවේදනය ලෙසින් හඳුන්වන්නේ ඉහත අදහස් හුවමාරු කර ගැනීමේ ක‍්‍රියාවලියයි.
සන්නිවේදනය යන්නට ඉංශ‍්‍රිිසියෙන් යොදන communication යන පදය ඉහත අරුත පදනම් කරගෙන ගොඩනැගුණකි. common යනු පොදු යන අර්ථයයි. ලතින් බසින් munsi යනු යමක් සිදුකරන්නා යන අර්ථයයි. ඒ අනුව communication යන පදය නිර්මාණය වී ඇත්තේ අදහස් පොදු බවට පත් කිරීමේ ක‍්‍රියාවලිය වන අර්ථයෙන් බව පැහැදිලිය.
ඉහත අදහස තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා සන්නිවේදන විද්‍යාඥයින් විසින් ඒ පිළිබඳව ඉදිරිපත් කර ඇති විවිධ නිර්වචන අපට අධ්‍යයනය කළ හැකිය.
‘කවුරුන් විසින්, කුමක්, කුමන මාධ්‍යකින්, කවරෙකුට, කිසියම් බලපෑමක් ඇති කිරීම සඳහා ප‍්‍රකාශ කරනු ලබන දෙය සන්නිවේදනයයි
-හැරල්ඞ් ඞී ලැස්වෙල්-
“එක් මනසකින් තවත් කෙනෙකු තුළ බලපෑමක් ඇති කරන සම්පූර්ණ ක‍්‍රියාවලිය සන්නිවේදනයයි”
-වොරන් වීවර්-
“සන්නිවේදනය යනු එක් අයෙකු හෝ කීප දෙනෙකුගේ ඒකාධීකාරයට යටත් වූ අදහස් දෙදෙනෙකුගේ හෝ වැඞී දෙනෙකු අතර පොදු බවට පත් කර ගැනීමයි”
-ඇලෙක්සැන්ඩර් බෝඞ්-
“සන්නිවේදනය යනු, යම් තැනක නිර්මාණය වූ තෝරාගත් පණිවුඩයක් වෙනත් තැනක දී ඒ ආකාරයෙන්ම ප‍්‍රතිනිර්මාණය කිරීමයි”
-ක්ලෝඞ් ෂැණන් හා වොරන් වීවර්-
“සමාජය යනු අනෙකක් නොව සන්නිවේදනය හේතු කොටගෙන සන්නිවේදනය තුළින් පවත්වාගෙන යන සම්බන්ධතා ජාලයයි. චර්යාවට අදාල සෑම සංස්කෘතික රටාවක්ම සහ සමාජ චර්යාවට අදාල සෑම ක‍්‍රියාවක්ම සෘජවම හෝ වක‍්‍රව සන්නිවේදනයට සම්බන්ධකමක් ඇත”
-එඞ්වඞ් සැපීර්-
“තොරතුරු ගැබ් වූ සංඥාවක් කරණ කොට ගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන මානසික තත්ත්වයක් ඇති කරලීම සන්නිවේදනයයි”
-විල්බර් ශ‍්‍රාම්-
“වාචිකව හෝ ලිඛිතව හෝ සලකුණු මගින් හෝ අදහස්, දැනුම, තොරතුරු පළ කිරීම, බෙදා දීම, බෙදා හැරීම සහ ව්‍යාප්තිය සන්නිවේදනය නම් වේ”
-ඔක්ස්ෆර්ඞ් ශබ්ද කෝෂය-
ඉහත නිර්වචන සකලවිධ සන්නිවේදන ක‍්‍රියාවලීන් හැදැරීමට යොදා ගත හැකිය.
ඒ.එම්.ප්‍රදීපා සී.අත්තනායක
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
ගැහැනිය...
ගැහැණු පපුවක් හරියට කඳුකර බිමක් වගේ... ඒ බිමේ
පරන පසක් තියෙනවා. ඒ පරන පස අලූත් කරන්
අලූත් පසක් නිර්මාණය වෙනවා.
කඳුකරයේ උපදින අලූත් නැවුම් ජල බිංදු, මිහිදුම්වලින් උරා ගන්නා
තෙතමනය තියෙනවා.. යෝද ගස් දරා ඉන්න
පුළුවන් තරම් හොඳ ශක්තිමත් බවක් තියෙනවා.
සීතලේ පිපෙන්නට බැරුව ඉන්න මල්වලට අලූතින් පිපෙන්න
ඕන කරන පෝෂණය පස ඇතුලේ තියෙනවා.
ළපටි මුල්වලට වැඩෙන්න ඕන වේලාවට
පස බුරුල් වෙනවා.. ගැහැණු පපුවක් ඒ වගේ. ජීවිත
තුන හතරකට වුවත් එකවර අලූතින් උපදින්න
ඒක හොෙඳ ආදරණීය බිමක්. හැම ගැහැණියකගේම පපුවේ
එහෙම ජිවිතයක්, දෙකක්, තුනක් ජීවත් වෙනවා.
ඒ ජිවිත සියල්ලම ඇගේ පපුව උඩ ජීවත් වෙනවා. ඒ වැඞීමට
ඕන කරන සියල්ලම දෙන්නේ ඇගේ
රුධිරයෙන්..
ජීවිතයෙන්.. ඒ වේලාවට
ඇය
එකම අරමුණක්, බලාපොරොත්තුවක්, පැතුමක් වෙනුවෙන්
දුක් විඳිනවා.....
ඒ.එම්.ප්‍රදීපා සී. අත්තනායක
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
Subscribe to:
Posts (Atom)