ගැහැණු පපුවක් හරියට කඳුකර බිමක් වගේ... ඒ බිමේ
පරන පසක් තියෙනවා. ඒ පරන පස අලූත් කරන්
අලූත් පසක් නිර්මාණය වෙනවා.
කඳුකරයේ උපදින අලූත් නැවුම් ජල බිංදු, මිහිදුම්වලින් උරා ගන්නා
තෙතමනය තියෙනවා.. යෝද ගස් දරා ඉන්න
පුළුවන් තරම් හොඳ ශක්තිමත් බවක් තියෙනවා.
සීතලේ පිපෙන්නට බැරුව ඉන්න මල්වලට අලූතින් පිපෙන්න
ඕන කරන පෝෂණය පස ඇතුලේ තියෙනවා.
ළපටි මුල්වලට වැඩෙන්න ඕන වේලාවට
පස බුරුල් වෙනවා.. ගැහැණු පපුවක් ඒ වගේ. ජීවිත
තුන හතරකට වුවත් එකවර අලූතින් උපදින්න
ඒක හොෙඳ ආදරණීය බිමක්. හැම ගැහැණියකගේම පපුවේ
එහෙම ජිවිතයක්, දෙකක්, තුනක් ජීවත් වෙනවා.
ඒ ජිවිත සියල්ලම ඇගේ පපුව උඩ ජීවත් වෙනවා. ඒ වැඞීමට
ඕන කරන සියල්ලම දෙන්නේ ඇගේ
රුධිරයෙන්..
ජීවිතයෙන්.. ඒ වේලාවට
ඇය
එකම අරමුණක්, බලාපොරොත්තුවක්, පැතුමක් වෙනුවෙන්
දුක් විඳිනවා.....
ඒ.එම්.ප්‍රදීපා සී. අත්තනායක
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
No comments:
Post a Comment