Wednesday, June 26, 2019

පොත්

පත පොතට ළංවෙන්න... ආදරය කරන්න... පොත්
ඇත්තටම සමහර මින්ස්සුන්ට වඩා
ගොඩක් හොඳයි. ඇතැම් මිනිස්සු ජිවිතය අපායක්
කරනවා. ජිවිතය මඩවලවල්වලට රැගෙන යනවා.
ඒත් හොඳ පොත් ජිවිතය කියලා දෙනවා... ජිවිතයට සඳ
එළියක් වෙනවා....

හොඳ පොතක් බලද්දී හිතට වෙනස්ම චමත්කාරයක් දැනෙනවා.
නිවී සැනසී ගිය නිස්කලංක බවක් දැනෙනවා.
ඒ හැඟීම ගන්න පුළුවන් පන්සලකට ගියාම විතරයි..... සමහර පොත් කියවගෙන යද්දී
කඳුළු එනවා. ඒ කඳුළු ජීවිතය වෙනුවෙන් හෙලන දුක්බරම කඳුළු වේවි.
ඒ කඳුළු හරහා ජීවිතය ගැන හිතන්න පටන් ගන්න පුළුවන්. අපට සමහර පොත්
අම්මා කෙනෙක් වගේ.... ආදරය උතුරනවා.
ජිවිතය කියා දෙනවා. තවත් පොත් ආදරය දෝරේ ගලන
දයාබර බිරිඳක් වගේ.... තවත් පොත් කියවද්දී හිතට
එන්නේ ගුරුවරයෙක්, හාමුදුරුනමක් ළඟ ඉන්නවා වගේ හැඟීමක්.
තනිකම සුන්දරව විඳින්න හුරු වෙන්න. හුදකලාවේ ඉන්න හැම පැයකම
කියවීමට හුරුවන්න. හිතට ඔබ නොහිතන
ශක්තියක් දැනේවී.....

                      ඒ.එම්.ප්‍රදීපා සී.අත්තනායක
                      ජන සන්නිවේදන අධ්‍යයන අංශය
                      කැලණිය විශ්වවිද්‍යාලය

මිනිස්සු

මල්වලට ඊටම ආවේනික වූ අහිසංක
නිර්මල සුවඳක් තියෙනවා... ඒ සුවඳ
පුදුමයි. හිත කරුණාවෙන් පුරවනවා...
ඒ සුවඳ දවසක විඳින්න. ඇත්තටම කිව්වොත්
වඩා අහිංසකම සුවඳ පිච්චමල් සුවඳ. බොහෝ
මල්වලට වඩා වෙනස් අහිංසක සුවඳක්
පිච්ච මලේ තියෙනවා. පිච්ච මලේ සුවඳ එක්ක
ජිවිතය ගැන චුට්ටක් හිතුවොත් ඒ වගේ
සුවඳවල් මවන බැඳීම් තියෙනවා.
සමහර මිනිස්සු ඉන්නව හරියට මල් ගස් වගේ.
ළඟ උන්නත් සුවඳයි. ළඟ ඉන්න
හැමවෙලාවකම මල් පුබුදුවා ගෙන ඉන්නේ.
එවන් මිනිස්සු ලඟ දී හිතට පින්බර බවක් දැනෙනවා...
ජිවිතයට එකතු කර ගත යුත්තේ
එවැනි මිනිස්සු. පිච්ච වැල් වගේ හඳවත වටා
එතෙන මිනිසුන්. එහෙම ජිවිත ලඟ දී
ඔබේ ජිවිතය එකම මල් වත්තක්. මල් පුබුදුවා සුවඳ දෙන්නේ
ඔබට...


ඔබේ ආදරයට...
ඒත් සමහර ජිවිත වල් ගස් වගේ... ඔහේ කැලෑවට
වැවෙනවා. කිසි පිළිවෙලක් නෑ.
මලක් පිපුනත් හැඩයක් සුවඳක් ලස්සනක් නෑ. සමහර
වල්ගස් තියෙනවා ඒ වගේ පැලයක්
වත්තක පැලවුනොත් වසංගතයක් වගේ. ඒවා
ගලවා විසි කරන්න. පරක්කු උනත් කමක් නෑ.
තේරුම් ගෙන වල්පැල සේරම කපා දමන්න... සමහර වල් පැල තියෙනවා
ගලවලා දැම්මත් මුල් ඉතිිරිවෙන. එවැනි පැල
අසුබවාදී වන්නට පුළුවන්. ඇතැම් මිනිස්සුත් එහෙමයි.
එයාලා ඉතුරු කරලා යන අහිත
ඇතැම් විට ජිවිතය පුරාවට අපව හඬවාවී. එය
තේරුම් අරන් ජිවත් වන්න...

           ඒ.එම්.ප්‍රදීපා සී.අත්තනායක
           ජන සන්නිවේදන අධ්‍යයන අංශය
           කැලණිය විශ්වවිද්‍යාලය