මරණය නැමැති සංසිද්ධිය සවිඥානික හෝ අව්ඥානික සියලු වස්තූන්ට පොදු වූවකි. එම නිසා සියලු ආගමිවල, සංස්කෘතීන්වල බොහෝ දේශානාවන්ට මරණය පදනම් වී ඇත.
ලෝකයේ සෑම ආගමක්ම පාහේ පුද්ගලයාගේ මරණින් පසුව ඔහුව කිසියම් ප්‍රතිෂ්ඨාවක් පවතින බව පිළිගෙන ඇති බවට සාධක ඇති අතර, එබඳු විශ්වාසයන් ඔවුන් අතර පැවතුණු බවට සාධක ඓතිහාසික වශයෙන් ද ලැබී ඇත. එම නිසා මරණින් මතු පැවැත්ම පිළිබඳව මෙන්ම අවමංගල චාරිත්‍ර පිළිබඳව ද විවිධ විශ්වාසයන්, විග්‍රහයන් සියලු සංස්කෘතීන්, ආගම් ආශ්‍රිතව ඉදිරිපත් වී ඇත. යම් යම් වෙනස්කම් සහිතව වුව ද එක් එක් ආගමික සංස්කෘතීන් හුවමාරුව තුළින් ඉටුකරනු ලබන මෙම අවමංගල චාරිත්‍ර ඉටු කිරීමේ අරමුණු එකක්ම බව පෙනේ. එනම් මියගිය පුදිගලයා සැපවත් කිරිමයි.
පිරමීඩ සහ මළමිනී සම්බන්ධව මිසර වාසීන් නොයෙක් දෑ දැන සිටි බව හඳුනාගත හැකිය. එමෙන්ම ඔවුන්ගේ විශ්වාසයන් සහ ඇදැහීම් වත්මන් අවමංගල කලාව දක්වා පැමිණ ඇති ආකාරයක් දක්නට ලැබේ. මිසර ජනතාව පිරමීඩ තනනු ලැබුවේ අතීතයේ එහි විසූ පාරාවෝ නමින් හඳුන්වනු ලැබූ උසස් රාජවංශිකයන් වෙනුවෙන් වුවත් ඊට පෙර කාලවල දී මළමිනී ආරක්‍ෂා කර ගැනීමේ යම් යම් ක්‍රියාදාමයන් මිසර වැසියන් අතින් සිදු කල බව පැහැදිලි වේ. විශේෂයෙන් මෙහි ජීවත් වූ මිනිසුන් මළවුන්ගේ සහ ඔවුන්ගේ නැවත ඉපදීම පිළිබඳ දැඩි විශ්වාසයකින් පසු වූවන් විය. මේ නිසා ඔවුන් සතුව මළවුන් පිළිබඳව අමුතුම සංස්කෘතියක් විය. මෙම විශ්වාසයන්හි යම් ආකාරයක ආභාසයක් අපේ සියලුම ආගම් තුළින් දක්නට ලැබෙන බව හඳුනාගත හැකිය.
ඓතිහාසික යුගයේ දී ඔවුන්ගේ විශ්වාසය වූයේ මරණින් මතු නොයෙක් දෙවිවරු කරා ළඟා විය හැකි බවයි. මේ කාලයේ දී මිනිසුන්, මිනිසාගේ භෞතික ශරීරය දෙවියන් විසින් මවා ඇති බව විශ්වාස කරනු ලැබීය. එමෙන්ම මළ තැනැත්තා දෙස දෙවියන් නිතරම බලන කළ ඔහු සතුටු කිරීමට නිතරම සොහොන් ගෙවල් තුළ ආහාර තැන්පත් කරනු ලැබූ අතර, දෙවිහන් හා මළ මිනිය අතර සමිබන්ධතාව එයින් බලාපොරොත්තු වී ඇත.
ඊජිප්තු ඉතිහාසයේ මුල් ම අවදියේ දී මිනී වළලනු ලැබුවේ වැල්ලේ වැලි යට බව පෙනේ. නොගැඔුරු මිනීවලක දමා ඇත. ඇතැම් අවස්ථාවල දී කලාල සෑදීමට ගන්නා ද්‍රව්‍යකින් ආවරණය කර තීබූ අතර සමහර අවස්ථාවල ලීයෙන්, මඩවලින් සහ ගල්වලින් ද භූගත සුසාන තනා තිබිණි. එසේ තැන්පත් කරන ලද මළමිනීවල ස්වරූපය ඉක්මනින් වෙනස් වේතැයි ඔවුන් තුළ විශ්වාසයක් වූ නිසා ලිනන් රෙදි පටිවලින් ඔතා රේසින් ආවර්ණයක් ද යොදන ලදී. මේ නිසා මළමිනියේ මූලික හැඩය ආරක්‍ෂා වී පැවතුණි.
ඊජිප්තු වාසීන්ගේ කෘතීම මළමිනී සංරක්‍ෂණය, එම්බාම් හෝ මමීගත කිරීම යනුවෙන් හඳුන්වයි. මළමිනී විෂබීජ හා වෙනත් ආපදාවන්ගෙන් ආරක්‍ෂා කිරීම සඳහා රේසින් සහ තෙල් භාවිත කිරීම සිදු කර තිබේ. ඊට අමතරව කිසියම් විශේෂිත ආකාරයකින් මළමිනී රත් කිරීමෙන් පු`ථස්සා තිබිණි. ඔවුන් මෙලෙස සිදු කර ඇත්තේ, මිනිසෙකු මළ පසු ඉන් දින 70කට පසුව නැවත උපදින බවත්, මළමිනිය අලුත් ලෝකයකට සූදානම් කිරීම සඳහා මෙසේ මළමනී සකස් කරනු ලැබූ බවත්ය.
ක්‍රි.පූ. 6000 වන විට මිසරයේ මළමිිනී බොහෝ සංඛ්‍යාවක් එම්බාම් කිරීම ආරම්භ කෙරෙණි. මළමිනී පවිත්‍ර කිරීමද සිදු කරනු ලැබූ බව සඳහන් වේ. පුරාණ කාලයේ සිටම ජලයෙන් මළ ශරීරය සෝදනු දක්නට ලැබුණි. මළමිනියේ පෙනහැල්ල, හදවත, උදරය ආදිය ඉවත් කොට වෙනත් සුගන්ධවත් ද්‍රව්‍ය වලින් පුරවා තබයි. මේ ආකාරයට මුල් කාලයේ එම්බාම් කිරීම සිදු කර ඇති බවට හඳුනාගත හැකිය. මෙලෙස එම්බාම් කර සකස් කර ගත් පසු ඒවා තව දුරටත් ආරක්‍ෂා කර ගැනීම පිණිස මිනී පෙට්ටි තුළ තැන්පත් කරනු ලැබීය. මුල් කාලීන ඇතැම් මළමිනී තදින් ඔතන ලද වෙ`ථම්පටි කිහිපයකට පමණක් සීමා වුවත් පසුව ඒවා ලිනන් රෙදිවල ඔතා ලී පෙට්ටියක බහා වර්ණ ගන්වා තවත් හතරැස් ලී පෙට්ටියක බහාලනු ලැබීය. ඉන්පසු කාලවල දී දැව උඩින් බදාම ආලේප කොට සිතුවම් ඇදි මිනී පෙට්ටි දක්නට ලැබේ.
ඉහළ ඊජිප්තුවේ පූර්ව රාජවංශ බදාරියන් සංස්කෘතිය කාලයේ දී මළමිනී හම්වල එතීම හෝ කූඩාවල දමා වැළලීම සිදු කර තිබේ. මළමිනී වැළලීමේ දී හිස දකුණටත් මුහුණ බටහිරයත් සිටින සේ වළදමා ඇත. බදාරියන් සංස්කෘතියේ අවසානයත් (ක්‍රි.පූ.8000ටත් පෙර) සමඟම ආරම්භ වූ පූර්ව රාජවංශ යුගයට අයත් හැකියුදා I කාලයේ ඊජිප්තුවේ ඇසියුට් නගරයේ විවිධ තැන්වලින් සුසාන භූමි දක්නට ලැබුණි. මෙම සුසාන භූමි පසු කාලයේ දී භාවිතයට ගෙන ඇත. මෙම කාලයේ දී මිනී වැළලීම සිදු කර ඇති අතර අවමංගල කටයුතු සඳහා අවශ්‍ය උපකරණ නිෂ්පාදනය කර ඇති බව ද හඳුනාගත හැකිය. ඇත් දළ නිදසුන් ලෙස දැක්විය හැකිය.
හැකියුදා III මුල් රාජවංශයේ දී සෘජුකෝණාශ්‍ර හැඩති සොහොන් වළවල් හමු වී තිබේ. ඒවායේ පොදු මාධ්‍යය වූයේ ගඩොල් හෝ දැව ආවරණයකි. එය අනුගමනය කරමින් තනනු ලැබූ සොහොන් රැසක් ම සොයා ගෙන ඇත.
ප්‍රාග් රාජවංශික සොහොන වූයේ අවට පැති මළසිරුර මතට කඩා වැටීම වැළැක්වීම පිණිස ලෑලි, පතුරු වැලි වලින් ඉවුරු නංවන චතුරශ්‍රාකාර හෝ අණ්ඩාකාර මිනී වළකි. පන් වලින් වියන ලැබූ පැදුරක, හණ රෙදි, ආවරණයක හෝ සතෙකුගේ හම්කඩක දවටනු ලබා සිරුර එක් අංශයකට හරවා වක ගැසුණු ඉරියව්වකින් සිටින සේ හොවා ඒ සමඟ මිය ගිය තැනැත්තාගේ පෝෂණය සඳහා යැයි ආහාර පාන පුරවන ලඳ භාජන කිහිපයක් ද ඒ අසලින් තබා ඇත. එමෙන් ම සොහොන භූත ආත්මයට හඳුනා ගැනීමට නොහැකි වේ යැයි සිතා ඔහුගේ නම සහ පදවිය එහි ගැසීම ද සිදු කර ඇත.
ඊජිප්තුවේ ඇතැම් ප්‍රදේශවල මළමිනී පැදුරුවලින් ආවරණය කරනු ලැබ ඇත. ඉන්පසු වැලිවලින් හෝ පස්වලින් වසා දමා තිබේ. පූර්ව රාජවංශ යුගයේ අවසානයේ දී ගඩොලින් කළ ආවරණයක් තුළ මළමිනිය තැන්පත් කර තිබේ. මුල් ම මිනී පෙට්ටි නිර්මාණය කර ඇත්තේ ලීයෙන්, මැට්ටෙන් හෝ මැටි බඳුන් වශයෙනි. පැරණිතම මිනීපෙට්ටි තුළ මිනී බහා තිබුණේ දෙදණ මුහුණට සමීප වන ආකාරයට නවා තැබීමෙනි.
පිරමීඩ තැනීමට පෙර විශාල වශයෙන් නිමාවුණු මස්තබා ගොඩනැගිලි සොහොන් ගෙවල් වශයෙන් ඉදිකරනු ලැබුණි. පූර්ව රාජවංශ යුගයේ දී සාමාන්‍ය වළක මිහිදන් කරනු ලැබූ මළ සිරුර පසුව මඩ ගොඩවලින් තනන ලද මස්තබා සුසානවල තැන්පත් කරනු ලැබිය. මස්තබා සුසාන සඳහා පළමුවරට ගල් භාවිත කරන ලද්දේ III වෙන රාජවංශ යුගයේ දීය.
ඉන්දීය ශිෂ්ටාචාරය
මොන්ගෝලියානු ජාතිකයන් සහ සම්මිශ්‍රණය වූ මිශ්‍ර සමාජයක් මේ ශිෂ්ටාචාරය තුළ වීසූ බව පෙනේ. මෙහි අවමංගල චාරිත්‍ර විධි කිහිපයක් පැවති බවට සාධක සොයා ගෙන ඇත. මළමිනී ඉවත් කිරීමේ ක්‍රම 3ක් දැනට සොයා ගෙන ඇත.
- මුළු සිරුරම භූමදාන කිරීම - එවැනි ඇටසැකිලි 30ක් දැනට සොයා ගෙන තිබේ. මෙසේ භූමදාන කිරීමේ දී මිනිසුන් විසින් භාවිත කරන ලද බඩුබාහිරාදිය හා පූජා භාණ්ඩ ද මේ සොහොන් ගැබ්වල තිබී සොයා ගෙන ඇත.
- මළ මිනී සතුන්ට ආහාර ලෙස එහෙම පිටින් ම ඉවත දමන ලද බවට ද සාධක ඇත. මළමිනිය සතුන්ට ආහාරයට ලක් වීමෙන් පසුව ඉතිරි වූ ඇට කටු භාජනයක දමා වළලා තිබී හමු වී ඇත.
- මළමනී ආදාහනය කොට අවශේෂයන් තැන්පත් කොට තැබීම තුන්වන ක්‍රමයයි. මෙහි වළලු, ඇට කටු, ප්‍රතිමා, අඟුරු හා අ`ථ සමඟ මිශ්‍රව හමු වී ඇත.
මරණයෙන් පසුව හැකි ඉක්මනින් මෘතදේහය ආදාහන භූමියට රැගෙන යයි. ශෝකවන්නෝ එය පිටුපසින් ගමන් ගනති. අවමඟුල් පෙරහැරේ ලඟින්ම යා යුත්තේ වැඩි මහල්ලන්ය. ආදාහන කෘත්‍ය කරන ලද්දේ වේද මන්ත්‍රාදිය කියද්දීය. ශෝකවන්නන් වාමාවර්ථව චිතකය වටා ගමන් කරයි. ඊට පසු ඔහු ලඟම ඇති ගඟකින් හෝ ජලාශයකින් ස්නානය කර නිවසට පැමිණේ. ආදාහනයෙන් පසුව 3වන දවසේ භෂ්මාවශේෂ වූ ඇට කටු එකතු කොට ගංගාවකට දමනු ලැබේ.
ආදාහනයෙන් දවස් 10ක් යනතුරු මළවුන් වෙනුවෙන් පැන්, බත් පිඩු, කිරි බඳුන් ද පූජා කරන ලදී. මරණයත් සමඟ මිනිසාගේ ආත්මය පීතෘ ලෝකයට යාමට හෝ නව ජීවයක් වශයෙන් පිළිසිඳ ගැනීමට ශක්තියක් නැති ප්‍රේතයකු බවට පත් වෙයි. 19 වන දසසේ දී මළවුන් වෙනුවෙන් පවත්වන ආගමික පිළිවෙත් අවසානයේ ආත්මය සියුම් ශරීරයක් ලබා සිය ගමන ආරම්භ කරයි.
මේ අවමංගල චාරිත්‍ර පුරාතන ඉන්දියාවේ උසස් පන්ති විසින් අනුගමනය කළ අයුරුයි. ඒවා අද පවත්නා හින්දු ආගමික චාරිත්‍රවලට වෙනස් නොවේ. එසේ වුවත් මේ හැර වෙනත් අවමංගල විධි ද එකල තිබිණි. හරප්පා සංස්කෘතියට අයත් වූවෝ මෘත ශරීර වැළලූහ. ආදී ආර්යයන්ගේ මළවුන්ගේ භෂ්මාවශේෂ ගඟකට දැමීම හෝ බිම වැළලීම සිදු කළහ. තවුසන්ගේ හා දකුණු ඉන්දීය පහත් කුලවලට අයත් ජනයාගේ මෘත ශරීර ද භූමදාන කරනු ලැබේ. මෙම සිරිත පුරාණ කාලයේ සිට පැවත එන්නකි.
ඇතැම් අවස්ථාවල දී දැක්වෙන්නේ භෂ්මාවශේෂයන් කුණු වී ගඳ ගසන කුණු පිරී ගිය තැන් ලෙසය. එවැනි දේ වලින් පෙනී යන්නේ පැරණි ඉන්දියාවේ බොහෝ දෙනා මළවුන් ආදාහනය නොකොට පර්සියාවේ වසන ශරත්‍රස්ත්‍ර භක්තිකයන් වගා සතුන්ට ගොදුරු වීමට අමු සොහොනට ඇද දැමූ බවයි. වියදම් අඩු කිරීමට විශේෂයෙන් දර හිඟ පළාත්වල මෙසේ කරන ලඳ බව පැවසේ.
පැරණි ඉන්දියාවේ මිය ගිය අයගේ දේහයන් අමු සොහොන්හි දමන ලද බවට තොරතුරු හමුවෙයි. බොහෝ විට මෙම අමු සොහොන් පහත් කුලවල හා දුප්පත් අයට සීමා වී පැවතිණි. උසස් කුලවල අයගේ මෘත ශරීර ආදාහනය කෙරෙණි. ආදාහනයෙන් පසු ඉතිරිවන භෂ්මාවශේෂ ශුද්ධ වූ ජලයේ පා කර හැරීම ද, මිහිදන් කර පස් ගොඩ ගැසීම ද සිදු කර තිබිණි. එසේම කිල්ල පිළිබඳ සංකල්පයද භාරතීය සමාජයේ මුල් බැස ගත්තකි. මෘතදේහය ආදාහන භූමියට වේද මන්ත්‍ර ගයමින් ගෙන යද්දී ඥාතීන් හා ශෝකවන්නන් පසුපසින් ගමන් කිරීම ද සිදුවිය. ඥාතීන් චිතකය වටා ගියේ වාමාවර්ථවය. ආදාහන කටයුතු නිමවා ඔවුන් නිවස වෙත පැමිණියේ අසල ගඟකින් කිලි සෝදා ස්නානය කිරීමෙනි.
බ්‍රාහ්ණමයන් ස්නානාය කරනු ලබන්නේ සතියට දින දෙකක් පමණි. ඒ අඟහරුවාදා සහ සිකුරාදා යන දවස් දෙකය. ඉන්දියාවේ මිනිසුන් මැරුණු පසු මිනිය දවා අ`ථ ගංගානම් නදියට දමනු ලබයි. එබැවින් බ්‍රාහ්මණයන්ට ස්නානය කිරීමට ගංගානම් නදියේ පිරිසිදු ජලය එක් දිනක්වත් නොමැති බැවින්, අඟහරුවාදා සහ සිකුරාදා ගඟට මිනී අ`ථ දැමීම තහනම් කරන ලදී. වර්තමානයේ මිනිසුන් තුළ ද මෙම චාරිත්‍රය දක්නට ලැබේ.
පැරණි ඉන්දියාවේ පැවති මෙම අවමංගල චාරිත්‍ර ඔස්සේ ද දේශීය අවමංගල චාරිත්‍ර බොහෝමයක් සකස්ව ඇතැයි විශ්වාස කළ හැකිය. සුසාන භූමි ඇති වීම, චිතක හා ස්මාරක ඉදිකිරීම, භෂ්ම ජලයෙහි පා කර හැරීම මෙන් ම කිලි පිළිබඳ විශ්වාසයන් ද ඒ අතර වේ. මෙලෙස පැමිණි සංකල්ප අතර ඇති වෙනස වන්නේ ඒවා හුදෙක් එක් එක් සංස්කෘති හා එක් එක් ආගමික සංකල්ප ඔස්සේ විකාශය වී තිබීමයි.
බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගමික භක්තිකයෝ වෙසෙන රටක් වන ලංකාවේ අවමංගල සිරිත් විරිත් තුළ මෙන් ම ඒ හා බැඳුනු සංස්කෘතිකාංග තුළ ද ඇත්තේ විවිධත්වයකි.
ක්‍රිස්තියානි භක්තිකයන් ඊජිප්තුවේ වූ පිරමීඩ ඔවුන්ගේ බයිබලයේ සඳහන් යම් යම් ප්‍රවෘත්තීන් සමඟ සංසන්ධනය කිරීමට පෙළඹී සිටි බව පෙනේ.
පින් පොත කියවීම ද අතීතයේ සිට මෑත දක්වා පැවති සිරිතකි. මරණ මංචකයේ සිටි දුටුගැමුණු රජ්ජුරුවන්ට ථෙරපුත්තාභය හිමියන් විසින් බණ දෙසූ බවත් ඉන් ඉක්බිතිව පින් කිරීමට සඳහන් පින් පොත කිය වූ බව ද ථූපවංශයේ සඳහන් වේ. කෑගල්ල ඇතැම් ප්‍රදේශවල අදටත් මෙම චාරිත්‍රය ශේෂ වී ඇත.
මන්නාරම අපර පෙම්පරිපුටෙන් හමු වූ විශාල මැටි බඳුන් ද මූල ඓතිහාසික යුගයේ සුසාන ක්‍රමයක් ගැන කියාපායි. ඒ මැටි බඳුන්වල දිරා ගිය ඇට සැකිල්ලක් බැගින් තිබුණු අතර මළවුන්ට ආහාර දුන් බවට ද සලකුණු ඇත. මෙම මැටි බඳුන්වලට සමාන වූ මැටි බඳුන් මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ටාචාරයට අයත් සින්දු ගං නිම්නය අසබඩින් හමු වී ඇත. මේ අනුව පැහැදිලි වන්නේ මෙම මෙගලතික සුසානය ඉන්දීය ආභාසය ඔස්සේ ඇති කරන ලද්දක් යැයි සිතිය හැකිය. මීට අමතරව යකඩ යුගයට අයත් සුසාන භූමි කන්නරෝඬේ ප්‍රදේශයෙන් හා කතරගම ප්‍රදේශයෙන් හමු වී ඇත.
මෙලෙස හමු වූ ඇතැම් මිනීවල හිස් කබලේ නළල ප්‍රදේශයේ සිදුරු කර ඇති ආකාරයක් දක්නට ලැබෙතැයි මානව විද්වතුන් සඳහන් කරති. මෙසේ කරන්නට ඇත්තේ ඇතැම් ආගමික විශ්වාසයන්ට අනුව නොදියුණු ගෝත්‍ර කණ්ඩායම් විසින් යැයි අනුමාන කෙරේ. මෘත දේහය තැන්පත් කරන මැටි බඳුන් තුළට ආහාර දැමීම ද සිදු කර ඇත. පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරය තුළ ද මෙම චරිත දක්නට ලැබිණි.
ඉහත ආකාරයට මුල් කාලයේ අවමංගල චාරිත්‍ර වාරිත්‍ර ශිෂ්ටාචාර ගතව සිදුව ඇති අතර, වර්තමානයේ දී එක් එක් ආගම්වලට සංස්කෘතීන්ට අනුව එහි ආභාසයන් රැගෙන අවමංගල චාරිත්‍ර සිදු කරන ආකාරයක් හඳුනාගත හැකිය.
ඒ.එම්. ප්‍රදීපා සී. අත්තනායක
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
No comments:
Post a Comment