Saturday, July 20, 2019

අවස්ථාවාදීන්...

පැණි වරකා කාලෙට
පැණි වරක ගහට
කපුටෝ එනවා  ඕන තරම්
ඇත්තටම පැණි වරකා ගහට පාළු නෑ....
එදාට පැණි වරකා ගහට,
අතුපතරෙහි හැමදාම දුවපැන්න ලේන් පැටිය ගැන කිසිම ගානක්
නෑ....
ඌ දුකින් පැත්තකට වෙලා බලා
ඉන්නවා... නමුත්,
පැණි වරකා කාලය හැමදාම එන්නේ නෑ... එදාට
අර කපුටොත් නෑ...
නමුත්,
හැමදාම අතුපතරෙහි දුව පැන්න ලේන් පැටිය
සමහරවිට,
එදාටත් පැණි වරකා ගහේ පාළු මකාවි
පරිස්සම් වන්න...
මිනිස්සුත් ඒ වගේ.. තියෙන කාලෙට  ඕන තරම්..
එදාට ලඟ හිටපු මිනිස්සුත් අමතක වෙනවා.. නැති කාලෙට කවුරුත්ම
ලඟ නෑ...

     ඒ. එම්. ප්‍රදීපා සී. අත්තනායක
     ජන සන්නිවේදන අධ්‍යයන අංශය
     කැලණිය විශ්වවිද්‍යාලය