Monday, June 10, 2019

ගීත රූප රචනා කලාව


          ගීතයක් ගැන කතා කරද්දී සෑමවිටම අපට දක්නට ලැබෙන්නේ සාර්ථක ගීතයක් පිටුපස ශබ්ද රසය හා අර්ථ රසයෙන් පරිපූර්ණ වියයුතු බවයි. ඒ අතීතයේ ගීතය ශ‍්‍රව්‍යමය සංසිද්ධියක් පමණක් වූ නිසාය. නමුත් රූපවාහිනිය ප‍්‍රචලිත වීමත් සමඟම ගීතය ශ‍්‍රව්‍ය හා දෘශ්‍ය සංසිද්ධියක් බවට ක‍්‍රමයෙන් පත්ව ඇත. ඒ අනුව අද වන විට ගීතයක් ශ‍්‍රව්‍ය, දෘශ්‍ය හා අර්ථ රසයෙන් පර්පූර්ණ විය යුතුය.

          ගීතයක් බිහි වන්නේ පද රචකයා, සංගීතඥයා සහ ගායකයාගෙනි. නමුත් රූපවාහිනී විකාශනයත් සම`ග ගීීතය අසා රසවිඳීම වෙනුවට ගීතය බලා රසවිඳීමට රසිකයන් හුරුවිය. ඇතැම් ගීතයක සාර්ථක අසාර්ථකභාවය රූප රචනයෙන් තීරණය වන තරමටම රූපරචනය ගීතය අතික‍්‍රමණය කර ඇති සෙයක් දැනේ.

       "විෂුවල් එකනම් පට්ට, විෂුවල් තමා සින්දුවනම් ගතයුත්තක් නෑ" යන වදන් මඟින් නිරතුරුවම පසක් කරන්නේ රූප රචනයෙන් ගීතයේ මුඛ්‍යාර්ථ පරාජය කර ඇති බවකි. ඇතැම් අවස්ථාවල රූප රචනය ගීතයට සාධාරණයක් කරන්නේම නැත. ගීතයේ අර්ථය වෙනුවට රූප රචකයාගේ හිතේ ඇති වෙනත් මොකක්දෝ දෙයක් දෘශ්‍යමාන වේ.

         මුල් අවධියේ එනම්, 90 දශකයේ දී ජාතික රූපවාහිනියෙන් විකාශය වූ සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ නිර්මාණයක් වූ යාත‍්‍රා (තාරුණ්‍යයේ ශ‍්‍රව්‍ය දෘශ්‍ය ආරාමය) වැඩසටහනත්, නඳුන් උයන වැඩසටහනතත් ගීතය මූලික කරගත් අඟනා රූප රචනා බිහි වූ තිඹිරිගෙයක් විය. එකල ‘ඉවාන් පවුලූෂා’ ගීතයට අඟනා රූප රචනයක් නිර්මාණය විය. අදටත් එය ඉතාම ජනප‍්‍රිය නිර්මාණයකි. ඒත් සමඟම යාත‍්‍රා තුළින් තවත් සාර්ථක ගීත රූප රචනයක් බිහිවිය එනම්, ‘සඳ සාක්කි කියාපුදෙන්’ ගීතයට කල රූප රචනයයි. මෙකල ඉතාම අඩු මට්ටමක වූ තාක්‍ෂණික උපකරණ පැවැති අතර ඒවා මඟින් රූප රචනා කර ඇත. එමෙන්ම නඳුන් උයන තුළින් බිහි වූ "රුක් අත්තන මල මුදුනේ" ගීතය සඳහා බිහි වූ රූප රචනය ද එදා මෙදා තුර බිහි වූ සරල වූත් සුන්දර වූත් රූප රචනාවලින් එකකි. "සකුරා මල් පිපිලා ගේ දොරකඩ" ගීතයේ රූප රචනය ද ඉතා අඟනා රූප රචනයකි.

           මෙලෙස ජන්මලාභය ලැබූ රූප රචනා අද  වනවිට අනෙක් කලා මාධ්‍යන්ද හසු වූ වානිජමය රැුල්ලට හසු වී අවසන්ය. අද නව පරපුරේ ගීතයක් නම් අනිවාර්යයෙන්ම එය රූප රචනයක් සමඟින් නිර්මාණය වන්නක් වී තිබේ. කෙසේ වෙතත් තවමත් රූප රචනය ගීතයට සාධාරණයක් කරන්නක් වන අවස්ථා ද නැතුවාම නොවේ. රූප රචනය සඳහා දැරීමට වන වියදම සමහර අවස්ථාවල දී දැරිය නොහැකි මට්ටමක වීම නිසා යම් යම් රූප රාමු බද්ධ කිරීම මඟින් රූප රචනයක් නිර්මාණය කිරීම අද වන විට සුලබ වී තිබෙනවා. නමුත් මෙයින් වැඩි ප‍්‍රතිශතයක් කුමක් හෝ හින්දි චිත‍්‍රපටයක, ද්‍රවිඩ චිත‍්‍රපටයක එකිනෙකට නොගැලැපෙන රූප රාමු බද්ධ කිරීමෙන් නිර්මාණය කරනු ලබන රූප රචනා වේ. මෙවන් නිර්මාණවලින් බොහෝ විට ගීතයේ හරයට කරන්නා වූ හානිය අති මහත්ය.

         මේ ආකාරයට ගීත රූප රචනා වර්තමානයේ දී නිර්මාණය වන අතර එම ගීත රූප රචනා රසිකයාට සෘජුවම ආමන්ත‍්‍රණය කරනු ලබයි. එම ආමන්ත‍්‍රණ රූප රචනය ඔවුන්ගේ බුද්ධියට නොව ඇස පිනවීමට යොදා ගනී. එම හේතුව නිසා ගීත රූප රචනා අද වන විට ජනප‍්‍රියත්වයට පත්ව ඇත. මෙම ගීතවලට උදාහරණ විශාල ප‍්‍රමාණයක් දක්නට ලැබේ. ඒවායෙහි වචන කිසිදිනක රසිකයාට මතකයේ නොරැදේ. නමුත් ගීත රූප රචනාව හේතු කොට ගෙන එම ගීත රසිකයාගේ මනසෙහි තැන්පත්ව ඇත.

                               ඒ.එම්.ප්‍රදීපා සී.අත්තනායක
                               ජන සන්නිවේදන අධ්‍යයන අංශය
                                කැලණිය විශ්වවිද්‍යාලය

රේඩාර් ගැන දැනගනිමු


රේඩාර් කියන්නේ මොනවටද?
      රේඩාර් කිරණ විශේෂයක් භාවිත කරමින් දුරස්ථව පිහිටා ඇති වස්තූන්වල පිහිටීම සහ දුර ප‍්‍රමාණයන් පිළිබඳ තොරතුරු ලබා ගැනිීම සඳහා භාවිත කරනු ලබන ක‍්‍රමයකි. රේඩාර් (RADAR) යන වචනය සෑදෙන්නේ Radio Detection And Ranging හි මුල් අක්‍ෂර එකතු වීමෙනි.

රේඩාර් මූල ධර්මය
         රේඩාර් වලදී භාවිත වන මූලික සිද්ධාන්තය වන්නේ ප‍්‍රතිධිවනිය හෙවත් දෝංකාරය වීමයි.

උදාහරණයක්: ළිඳක් අසලට ගොස් ඔබ ළිඳ තුළට යම් වචනයක් පිිටකළ විට යම්කිසි කාලයකින් නැවත එය ඔබට ප‍්‍රතිනාද වී ඇසේ. මෙම තත්ත්වය ළිදේ ගැඔුර අනුව වෙනස් වේ. ගැඔුරු ළිඳක ශබ්දය නැවත පැමිණීමට වැඩි කාලයක් ලබා ගන්නා අතර ගැඔුර අඩු ළිඳකින් ඊට වඩා අඩු කාලයකින් ශබ්දය අසන්නට ලැබේ.

        රේඩාර් වලදී ද සිදු වන්නේ ද මෙලෙස නිකුත් කරනු ලබන කිරණ විශේෂයක් යම් වස්තුවක් මත වැදී එම කිරණය පරාවර්තනය වී නැවත කිරණය නිකුත් කළ ස්ථානය වෙත පැමිණීමයි. මෙසේ පැමිණෙන කිරණයේ වේගය හා ආපසු පැමිණීමට ගත වන කාලය ගණනය කිරීමෙන් එම වස්තුව පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය.

රේඩාර් වර්ග මොනවාද?
රේඩාර්වල භාවිත වන ක‍්‍රමයන් අනුව ප‍්‍රධාන වශයෙන් කොටස් පහකට වර්ග කරනු ලබයි.

01. සිම්පල් පල්ස් රේඩාර් 
සාමාන්‍ය සරලව භාවිත කරනු ලබන රේඩාර්  පද්ධතියක් මෙම වර්ගයට අයත් වේ. යම් කාල අන්තරයන් තුළ රේඩාර් කිරණ නිකුත් කරමින් තොරතුරු සෙවීම සිදු කරයි. මෙහි ඇන්ටෙනාව විශාල ප‍්‍රදේශයක් ආවරණය වන ලෙස කරකවමින් භාවිත කළ හැකිය.

02. කන්ටිනියුස් වේව්
මෙවැනි රේඩාර් පද්ධති වලදී කිරණ නිකුත් කිරීම නොකඩවා එක දිගට සිදු වන අතර කිරණ නිකුත් කිරීම සහ ලබා ගැනීම එකම ඇන්ටනාවකින් සිදු නොවේ. අවුල් සහගතව පිහිටා ඇති වස්තූන් සහ චලනය වන වස්තූන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට මෙම වර්ගය යොදා ගනී.

03. සින්තටික් ඇපේචර්
මෙම වර්ගයේ රේඩාර් පද්ධතිය භාවිත වන්නේ ගුවන් යානවල ගමන් මාර්ගයන් සහ ඒ ආශ‍්‍රිත තොරතුරු ලබා ගැනීමේ කටයුතු සඳහාය. විශාල දුරකට ගමන් කළ හැකි මෙවැනි රේඩාර් කිරණ විශේෂයෙන් අභ්‍යවකාශ වස්තුන් නිරික්‍ෂණය සඳහා භාවිත කරයි.

04. සෙකන්ඩරි රේඩාර්
මෙම වර්ගයේ රේඩාර් පද්ධතියක තරමක වෙනස් ආකාරයකට නැවත කිරණ ලැබීම සිදුවන අතර ගුවන් යානා පාලනය කිරිම සහ හැසිරවීම සඳහා භාවිත කරයි.

05. පේස්ඩි ඇරේ
බොහෝ රේඩාර් පද්ධතිවල මෙම ක‍්‍රමය භාවිත කරනු ලබයි. විශේෂයෙන් එක් නියමිත ස්ථානයක පිහිටුවා තිබෙන ඉතා විශාල ඇන්ටනාවක් මඟින් කිරණ නිකුත් කරමින් සහ ලබා ගනිමින් තොරතුරු ගවේෂණය කරයි. එක් ඇන්ටනාවක් තුළ කුඩා ඇන්ටනා කිහිපයක් ද සවිකර ඇත.

රේඩාර් ඉතිහාසය
වර්ෂ 1860
ජාතික භෞතික විද්‍යාඥයකු වන ක්ලාක් මැක්ස්වෙල් විසින් මුල්වරට රේඩියෝ තරංග පිළිබඳ අනාවැකි ඉදිරිපත් කරන ලදී.

වර්ෂ 1904
මෙම රේඩියෝ තරංග උපයෝගි කරගෙන මුල්වරට ජර්මන් ජාතික විද්‍යාඥයකු වන ක‍්‍රිස්ටියන් හුල්සමියර් විසින් නෞකා හඳුනාගැනීම සඳහා උපකරණයක් සාදන ලදී. මෙහි දී භාවිත කළ හැකි වූ උපරිම දුර වූයේ කිලෝමීටර 1.5 කි.

වර්ෂ 1922
ඉතාලි ජාතික මර්කෝනි විසින් අඩු සංඛ්‍යාතයකින් යුතු රේඩාර් පද්ධතියක් සකස් කරන ලදී.

වර්ෂ 1922
ගුවන් යානා හඳුනා ගැනීම සඳහා භාවිත කළ මුල්ම රේඩාර් පද්ධතිය වොෂින්ටන් නුවරදී ක‍්‍රියාත්මක කරන ලදී.

වර්ෂ 1922
දෙවන ලෝක යුද්ධ සමයේ දී රේඩාර් භාවිත කිරීම කැපී පෙනෙන අතර යුදමය අවශ්‍යතා හේතුවෙන් රේඩාර් තාක්‍ෂණය ද සීඝයෙන් දියුණු විය. මෙහි දී ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය ආදී රටවල රේඩාර් පද්ධති ඉතා දියුණු මට්ටමක තිබී ඇත.

වර්ෂ 1947
ඇමෙරිකානු ජාතික රථවාහන ඉංජිනේරුවෙකු වෙන ජෝන් බාර්කර් විසින් මුල්වරට රේඩාර් උපයෝගී කොට වේගයෙන් ගමන් කරන වාහනයක වේගය මැනීමට හැකි බව සොයා ගන්නා ලදී.

වර්ෂ 1950
පොලිස් නිලධාරින් රථවාහනවල වේගය මැනීම සඳහා රේඩාර් ක‍්‍රම සහිත උපකරණ යම් යම් අවස්ථාවලදී භාවිත කිරීම මුලින්ම ආරම්භ විය.

වර්ෂ 1980
රථ වාහනවල වේගය මැනීමේ උපකරණ ප‍්‍රධාන වශයෙන් සහ නිවැරදිව කිරීමට පටන් ගැනිණි.

රේඩාර් භාවිත කරන්නේ මොනවටද?
  • රේඩාර් විවිධ කාර්යයන් සඳහා නොයෙකුත් අංශවලදී භාවිත කරනු ලැබේ. ප‍්‍රධාන වශයෙන් ගුවන් නියමුවන්ට සහ නාවිකයන්ට ගුවනේ සහ මුහුදේ ගමන් කිරීමේ දී ගමන් මාර්ගයන් සොයා ගැනීමටත් එම යාත‍්‍රාවල ගමන් කිරීම පිළිබඳ තොරතුරු අදාළ පාලන මැදිරි වලට දැන ගැනීමටත් රේඩාර් භාවිතවෙයි.
  • විශේෂයෙන් ගුවන් ගමන් සියල්ලම පාලනය වන්නේ මෙම රේඩාර් භාවිතයෙනි. ගුවන් යානා ගොඩ බැස්සවීම සහ ගුවනට නැංවීම යන කාරණා වලදී රේඩාර් මඟින් ඉටු වන්නේ මහත් සේවාවකි.
  • විශේෂයෙන් හමුදාමය කටයුතු වලදී ද මෙම රේඩාර් නැතුවම බැරිය. සතුරු යාන හෝ සතුරු නාවික යාත‍්‍රාවල ගමන් පිළිබඳ තොරතුරු ලබා ගන්නේ මෙම රේඩාර් භාවිතයෙනි.
  • මීට අමතරව කාලගුණ නිරීක්‍ෂකයින් ද කාලගුණ අනාවැකි ප‍්‍රකාශ කිරීම සඳහා වැඩි වශයෙන් යොදා ගන්නේ රේඩාර් වල සහයයි. විශේෂයෙන් වැහි වලාකුළු පිහිටීම අනුව වැසි ලැබෙන ප‍්‍රදේශ පිළිබඳ තොරතුරු සහ සුළි සුළං තත්ත්වයන් වැනි අවස්ථාවලදී ඒ පිළිබඳ තොරතුරු ලබා ගන්නේද රේඩාර්වල උපකාරයෙනි.

රේඩාර් මගින් ලබා ගත හැකි තොරතුරු
රේඩාර් කිරණ මඟින් යම් වස්තුවක් පිළිබඳ තොරතුරු රාශියක් ලබා ගත හැකිය.
x වස්තුව පිහිටා ඇති දුර
x වස්තුවේ ප‍්‍රමාණය
x එම වස්තුවේ හැඩය
x ගමන් කරන වස්තුවක නම් එහි වේගය
x ගමන් කරන දිශාව

                           ඒ.එම්. ප්‍රදීපා සී. අත්තනායක
                           ජන සන්නිවේදන අධ්‍යයන අංශය
                           කැලණිය විශ්වවිද්‍යාලය