සෞඛ්‍ය යනු පුද්ගලයෙකුගේ මානසික, ශාරීරික හා සමාජීය තත්ත්වයන් හොඳ මට්ටමක, සමබරව පැවතීමයි. බුද්ධ වචනයට අනුව නීරෝගී බව පරම ලාබය වේ. නිරෝගී පුද්ගලයෝ රටකට සම්පතකි. සංවර්ධනයට දායක වන්නෝ ය.
රටක සංවර්ධනය මනින එක් ප්‍රධාන නිර්ණායකකයකි, සෞඛ්‍ය. මේ නිසා රටක් දියුණු වීමට එහි හොඳ සෞඛ්‍යක් තිබිය යුතුයි. නමුත් වර්තමානයේ ලංකාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ සෞඛ්‍ය ගැටලුය. ලංකාව තුළ පමණක් නොව දියුණු වෙම්න් පවතින රටවල ද මෙම තත්ත්වය දක්නට ලැබේ. ඒ අනුව ලංකාවේ වර්තමානයේ දී සෞඛ්‍ය ක්‍ෂ්ත්‍රයේ මුහුණදෙන ප්‍රධාන ගැටලු කිහිපයක් ලෙස,
- ගංවතුර සහ ඒ ආශ්‍රිතව සෞඛ්‍ය ගැටලු
ශ්‍රී ලංකාවේ බහුලවම සිදුවන ස්වභාවික ආපදාව ලෙස ගංවතුර හඳුනාගත හැකිය- අධික වැසි සහිත ප්‍රදේශවල ද කැලණි, කළු, ගිං, නිල්වලා, මහ ඔය සහ මහවැලි වැනි විශාල ගංගාධාර හා ගං මෝයවලට ආසන්න ප්‍රදේශවල ද ගංවතුර තත්ත්වයන් බහුලව දක්නට ලැබේ.
මෙවැනි ගංවතුර තත්ත්වයක් යනු, විශාල ජල කඳක් පිටාර ගලා යාමක් වන අතර එය විශාල බිම් ප්‍රදේශයක් ජලයෙන් ගිල්වා යට කර ගැනීම සිදු වේ. නිර්වචනයට අනුව නම් ‘යම් බිමක් තාවකාලිකව ජලයෙන් යට විමක් මිස සාමාන්‍ය බිමක් ජලයෙන් යට වීමක් නොවන බවයි.’ ගඟක හෝ වැවක නැතහොත් ජලය පිරී ඇති ස්ථානයක් එය පිරී තිබූ කොටසින් පිටාර ගැලීම හෝ කඩාගෙන යාම ගංවතුර ගැලීමට හේතු වේ. එමෙන් ම ජලය පිරී ඇති ස්ථානවල ජලය පිටාර ගැලීම වර්ෂාපතනය සහ අයිස් පතනය වැනි සෘතුමය වෙනස් වීම මත විවිධ වේ. ඊට අමතරව ජලය ගැලීම ගම් නගර සහ අනෙකුත් බිම් පෙදෙස් පුරා පැතිර ගොස් එය ආපදාව තත්ත්වයකට පත්වේඅ. මේ හේතුවෙන් නිවෙස් යට වීම විවිධ විපත්වලට ලක්වීම මෙන් ම විශාල වශයෙන්ම සිදු වන්නේ සෞඛ්‍ය ආශ්‍රිත ගැටලු මතුවීමයි. ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම හේතුයෙන්, පිසූ ආහාර පරණ වීම හේතුවෙන් බැක්ටීරියා ක්‍රියාත්මක වීම, ජලය පිරී පවතින ස්ථානවල ජලය බැස නොයාම, ප්ලාස්ටික් සහ කැලිකසල බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැති වීම ආදී හේතු නිසා විවිධ බෝවන සහ බෝනොවෙන රෝග ව්‍යාප්ත විය හැකිය.
Vectcr borne diseases මෑත කාලීනව ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රබල සෞඛ්‍ය ගැටළුවක් ලෙස හිස ඔසවා ඇත. ඩෙංගු රෝගය ඉන් ප්‍රමුඛ වේ. මැලේරියා සහ එන්කොලයිට් ආදී රෝග ද ඊට දෙවැනි නොවන අයුරින් ව්‍යාප්ත වෙමින් පවතී. පාරිසරික ගැටළු රෝගකාරක මදුරුවන් ගේ බෝවීම ව්‍යාප්තිය පුළුල් කිරීමටත්, බෝවීම වේගවත් කර රෝග ප්‍රචාරණය කිරීමේ හැකියාව වැඩි කරවීමටත් හේතු වන බව තහවරු වි ඇත. විශේෂයෙන් ම සෞඛ්‍යට බලපෑම් එල්ල කරනු ලබන Aedes (ඩෙංගු) සහ Anopheles (මැලේරියා) දෙවර්ගයටම මේ පාරිසරික විපර්යාසය හේතු වී ඇත. ඩෙංගු මදුරුවාට පහසුවෙන් බෝවීමට හැකි පරිසරයක් ශ්‍රී ලංකාව ආශ්‍රීතව දක්නට ලැබෙන අතර එමඟින් රෝග ව්‍යාප්තිය බහුල වශයෙන් සිදුවේ. උණ, පාචන වැනි බෝවය රෝග තත්ත්වයන් ව්‍යාප්ත වීම ද සිදු වේ. මේ අතර සෞඛ්‍ය ක්‍ෂ්ත්‍රය තුළ පවතින දැවැන්ත ප්‍රශ්නයක් ලෙස ඩෙංගු උවදුර පෙන්වා දිය හැකිය.
- කැලි කසළ සහ ඒ ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු
කසල බැහැර කිරිම සම්බන්ධයෙන් මේ වන විට රට පුරා දැඩි අවධානයට ලක්ව පවතින ගැටලුවක් මෙන් ම, පවතින අනෙකුත් ගැටලුවලට සාපේක්‍ෂව වර්ධනය වන ගැටලුවක් ලෙස ද හඳුනාගත හැකිය අපදාව්‍ය පිළිබඳව ගැටලුව නැතහොත් කසල පිළිබඳව ගැටලුව.
මෙම තත්ත්වයට ප්‍රධාන ලෙස ම හඳුනාගත හැකි හේතුව වී ඇත්තේ බැහැර කෙරෙන ඝන අපදාව්‍යයන් නිසියාකාරයෙන් කළමනාකරණය නොවීමයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මෙම ගැටලුව හුදෙක් පාරිසරික සහ සෞඛ්‍ය ගැටලුවකට පමණක් සීමා නොවී ප්‍රබල සමාජ ගැටලුවක් බවට ද අද පත්ව තිබේ. කසල ප්‍රයෝජනයට ගැනීමට නොදන්නා සම්පතකි. එය අනවශ්‍ය වේලාවක වැරදි ස්ථානයක ඇති අමුදාව්‍යයකි. නිසි වෙලාවට නිසි තැනට ස්ථාන ගත කිරිම මඟින් නිසි ප්‍රතිඵල ලබාගත හැකිය.
කසල සමඟ ඇති පොලිතින්, ප්ලාස්ටික් සහ ලෝහ වල ඇති රසායනික ද්‍රව්‍ය ජලයට එක්වීම නිසා දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටලු රැසක් පැන නැඟිය හැකිය. පරිසරයට මුදා හරින කැලි කසල ගිනි තැබීම සිදු කරයි. එම දහනයෙන් ඉතා විෂ සහිත ඩයොක්සීන් වායුව පරිසරයට මුදා හැරේ. මෙම ඩයොක්සීන් වායුව මේදය ඇති ස්ථාන වලින් ශරීරගත විය හැකිය. මීට අමතරව පරිසරයට නිකුත්වන ඩයොක්සීන් පොළොව මත තැන්පත් වී ජලයට එකතු වීමක් ද සිදුවේ. ඊට අමතරව පොළෙවේ ඇති තණකොළ මත ද ඩයොක්සීන් තැන්පත් විය හැක. මෙලෙස පරිසරයට මුක්තවන ඩයොක්සීන් අංශු මිනිසාට ශරීරගත වුව ද ඩයොක්සීන් ජලයේ හා මේදයේ දියවන බැවින් ශරීරයෙන් බැහැර වීමක් සිදු නොවේ. එම නිසා පිළිකා ඇතුළු විවිධ රෝගාබාධ සෑදීමේ දැඩි අවධානමක් වර්තමානයේ දී මිනිසාට ඇති වී ඇත.
- දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු
ලෝක සෞඛ්‍ය සංවිධානය 2015 වසරේ නිකුත් කළ දත්ත අනුව ශ්‍රී ලංකාවේ ජනයාගෙන් 15%ක් දුම්පානය කරති. ඊට පිරිමි 29.4%ක් ද, කාන්තාවන් 0.1%ක් ද ඇතුළත් වෙන බව දැක්වේ. සාමාන්‍යයෙන් භාවිත වන දුම්වැටිවල ඇති අහිතකරම සංඝටකය වන්නේ නිකොටින් ය. මීට අමතරව, තවත් වර්ග රාශියක් ඇති බවත්, ඒවා දහනය මඟින් නිපදවෙන විෂ ද්‍රව්‍ය දුම්වැටි දුමත් සමඟ ශරීරගත වේ.
දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන තත්ත්ව හේතුවෙන් ශ්‍රී ලංකාව සෞඛ්‍ය අතින් විශාල ගැටලු රාශියකට මුහුණ දී ඇත. දුම්පානය කරනු ලබන පුද්ගලයා මෙන්ම දුම්පානය නොකරන පුද්ගලයන් ද විවිධ රෝබාධායන්ට ගොදුරු වේ. තමා දුම්පානය නොකරන නමුත්, ළමා වයසේ දී දුම්පානය කළ දෙමාපියන් ඇසුරේ වැඩුණු පුද්ගලයන් භයානක පෙනහ`ථ රෝග තත්ත්වයන්ට ගොදුරු වී ඇත. දුම්පානයට නිරාවරණය වීම හේතුවෙන්, දුම්පානය කරන පුද්ගලයන්ට වඩා රෝගී වීමේ අවධානමක් පවති. මේ ආශ්‍රිතව බහුලවම දක්නට ලැබෙන සෞඛ්‍ය ගැටලුව වන්නේ හෘද රෝග තත්ත්වයන්ය. ඊට අමතරව,
■ මුඛය, උගුර ආශ්‍රිත පිළිකා
■ වකුගඩු ආශ්‍රි පිළිකා
■ අග්න්‍යශයික පිළිකා
■ ලිංගික බෙලිහීනතා
■ ගැබ්ගෙල පිළිකා
■ හිසකෙස් ගැලවීයාමේ වේගය ඉහළ යෑම
■ මුඛය ආශ්‍රිත තුවාල යට ගැනීම
■ මානසික සමතුලිතතාව බිද වැටීම
■ ඉන්සියුලින් හෝමෝන සඳහා ශරීරයේ සංවේදීබව අඩුවීම නිසා, දියවැඩියාවත්, එහි අතුරු ප්‍රතිඵල ඇතිවීමේ වේගය හා සම්භාවිතාවයන් ඉහල යෑම ආදී සෞඛ්‍ය ගැටලු රාශික් වර්තමානයේ දී ශ්‍රී ලංකාව ආශ්‍රිත දක්නට ලැබේ.
- පලතුරු සහ එළවලුවලට යොදන විෂ රසායන හේතුවෙන් ඇතිවෙන සෞඛ්‍ය ගැටලු
ඉල්ලුම සහ සැපයුම අතර ඇති විෂමතාවය නිසාම අප ගන්නා ආහාර බොහෝමයකට, ශරීරයට අහිතකර විෂ ඇතුල් කිරීමට කූට වෙළදුන් කටයුතු කර ඇති බව පෙනෙන්නට ඇති කරුණකි. මේ අතරින් පලතුරු සඳහා වැඩි වශයෙන් විෂ රසායනයන් ඇතුළත් කරනුයේ පලතුරු කල්තබා ගැනීමටත් ඉක්මනින් ඉද වීමටත් කෘමි හානි වළක්වා ගැනීමටත්ය. මෙවැනි පලතුරු බොහෝමයක් අප දැනුවත්ව හෝ නොදැනුවත්ව ආහාරයට එක්කර ගන්නේ ලෙඩ රැසක් ද දායාද කර ගනිමිනි.
පලතුරු වර්ග ඉදවීම ඉක්මන් කිරීම සඳහා වර්තමානයේ දී එතිෆෝන් (Ethephon) ප්‍රයෝජනයට ගැනීම බහුලව සිදුවන අතර එතිෆෝන් වැරදි භාවිතය සෞඛ්‍යට හානි කරයි. ජලයෙහි වහා දියවන සුළු එතිෆෝන් අවර්ණ ඝණ රසායනික ද්‍රව්‍යක් වන අතර එය ජලයෙහි දිය වූ පසු එතිලීන් නැමැති ක්‍රියාකාරී සංයෝගය නිපදවනවා. මෙහි විෂ සහිත බව අවම වන අතර එතිෆෝම් වැරදි ආකාරයෙන් භාවිත කොට පලතුරු ඉදවීමට යොදා ගැනීම නිසා එහි විෂ සහිත බව ඉතා වැඩි වෙනවා. මෙම රසායනිකය සමඟ නිදහස් වන වායුව ආශ්වාස කිරීමෙන් හෝ සමෙහි ස්පර්ශ වීමෙන් රසායනික අඩංගු පලතුරු, එළවලු අනුභවයෙන් ශරීරයට ඇතුල් වීම සිදුවිය හැකිය. මෙමඟින් ඇතිවිය හැකි දිගුකාලීන සෞඛ්‍ය ගැටලු ලෙස,
■ මතකය හීන වීම
■ අපස්මාරය
■ මුඛයේ තුවාල
■ වකුගඩු ආබාද
■ පිළිකා අවදානම (බඩවැල ආශ්‍රිතව)
- දර ලිප් භාවිතයේ දී ඇතිවන සෞඛ්‍ය ගැටලු
මීට දශක කීපයකයට පෙර ආහාර පිසීම සඳහා ශ්‍රී ලංකාවේ බහුලවම භාවිත කෙරුණේ දර ලිප්ය. අද වන විට සොයා ගෙන ඇත මෙම දර ලිප් මඟින් සෞඛ්‍යට අහිතකර බලපෑම් ඇති කරන බව.
ශ්‍රී ලංකාවේ පවතින ගෘහස්ථ වායු දූෂණය හේතුවෙන්, දුම්වැටි පානය නිසා ඇතිවන රෝගී තත්ත්වයන් හා සමාන රෝග සහ පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බව මහනුවර මහ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර පවසයි.
දර ලිප පාවිච්චි කිරීමේ දී අපි ඊට ප්ලාස්ටික්, පොලිතින්, භූමිතෙල් වගේ දේවල් දානවා. දර ලිපෙන් නිකුත්වන ඒ දුමෙන් ශරීරයට ඉතාමත් අහිතකර කාබන් මොනොක්සයිඞ්, නයිට්‍රස් ඔක්සයිඞ්, සල්ෆර් ඩයොක්සය්ඞ් වගේ අංශු පිට වෙනවා. මෙමඟින් ඇතිවෙන සෙඛ්‍ය ගැටලුවලට කාන්තාවන් වැඩිවශයෙන් ගොදුරු වේ. එම දුම, දුම් පානයට වඩා වැඩි හානියක් ඉන් සිදුවන බව හදුනාගෙන ඇත. මේ තුළින් හඳුනාගත හැකි සෞඛ්‍ය ගැටලු ලෙස,
■ පෙනහළු පිළිකා
■ ඇදුම රෝග
■ පටල හානි
- සංක්‍රමණිකයන් නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු
තම රට තුළ හෝ රටින් පිට කවර හේතුවක් මත හෝ සාමාන්‍යයෙන් තමා ජීවත්වන ස්ථානයෙන් බැහැරව යන එන පුද්ගලයන් සංක්‍රමණිකයන් ලෙස හැඳින්වේ. සිය කැමැත්තෙන් හෝ රටින් පිටුවහල් කරනු ලැබීමෙන් හෝ නීති විරෝධී ක්‍රමවලින් රට තුළට එන යන පුද්ගලයෝ ද මේ ගණයට අයත් වෙති. මෙම සංක්‍රමණිකයන් ආශ්‍රිතව ද සෞඛ්‍ය ගැටලු රාශියක් උද්ගතව පවතී.
සංක්‍රමණිකයන් රටවල් තුළට පැමිණීමේදී ඒ රටෙහි තුරන් කරන ලද රෝග වෙනත් රටවලින් මේ රට තුළට සංක්‍රමණය විය හැකිය. නිදසුනක් ලෙස ශ්‍රී ලංකාවෙන් දැනට තුරන් කරන ලද රෝග වන මැලේරියාව හෝ බරවා වැනි රෝග සංක්‍රමණිකයන් මඟින් යළිත් මෙරටට ඇතුල්විය හැකිය. එමෙන් ම එච්අයිවී ඒඩිස් හෝ වෙනත් ආගන්තුක රෝග සංක්‍රමණිකයන් මඟින් ව්‍යාප්ත විය හැකිය.
- කූපෝෂණය ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු
ශරීරයට අවශ්‍ය වන පෝෂක අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ලැබීම හෝ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ලැබීම කූපෝෂණය ලෙස හැඳින්වේ. මෙම තත්ත්වය නිසා අප සෞඛ්‍ය ගැටලු රාශියකට මුහුණපානු ලබයි. මානසික සහ කායික වර්ධනය, ඵලදායීතාවය හා ජීවන කාලය කෙටි වීම කෙරෙහි අහිතකර ලෙස මෙම තත්ත්වය බලපානු ලබයි.
දුප්පත්කම හෝ නොදැනුවත්කම හේතුවෙන් ආහාරයන් සමඟ අවශ්‍ය පෝෂණ කොටස් අවශ්‍ය ප්‍රමාණයට නොලැබීම හෝ ගන්නා ලද ආහාරයේ පවතින පෝෂක කොටස් ශරීරයේ පවතින රෝගී තත්ත්වයන් හේතුවෙන් නිසි පරිදි ශරීරයට අවශෝෂණ කර නොගැනීම ඌන පෝෂණය සඳහා ප්‍රධාන වශයෙන් බලපානු ලබයි.
එමෙන්ම විශාල ප්‍රමාණයන්ගෙන් අනවශ්‍ය ලෙස මේදය, පිෂ්ඨය වැනි සමහර පෝෂක කොටස් ශරීරයට ලබා ගැනීම අධි පෝෂණය සඳහා හේතු වේ. කූපෝෂණය හේතුවෙන් සිත එක්තැන් නොවීම, මන්දපෝෂණ ඇති වීම, නිරන්තරයෙන් විවිධ රෝගී තත්ත්වයන්ට ලක් වීම, උනන්දුව නොමැති වීම ආදී තත්ත්වයන් ඇතිවිය හැකිය. මෙමඟින් ශුම බලකාය මන්දගාමී වන අතර, රටේ සංවර්ධනය අඩාල වේ.
දශක කීපයක් පුරා මෙරට පැවති සෙඛ්‍ය ගැටලු තත්ත්වයන් වර්තමානයේ දී ත් ඒ අයුරින්ම අර්බුද රාශියක් නිර්මාණය වී ඇති බව අවිවාදයෙන් යුතුව පිළිගත හැකිය. පෞද්ගලික මෙන්ම ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් රැසක අවශ්‍යතාවය මතුවෙමින් පවතින අතර එයට සැපයුම් පාර්ශවය ප්‍රමාණවත් නොවන පරිදි හා හිතකර නොවන පරිදි සේවාවන් සපයමින් සිටී.
විවිධ ආසාදන, මන්දපෝෂණය ඇතුළු අතීතයේ සිට එන රෝගාබාධවලට අමතරව මෑතක දී එකතු වූ ඩෙංගු, උතුරු මැද වකුගඩු රෝගය, දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලොස්ටරෝල්, හෘදයාබාධ, මානසික ආබාධ, පිළිකා. හදිසි අනතුරු, විෂවීම්, ස්වසන ආබාධ, මත්පැන්/මත්ද්‍රව්‍ය/දුම්වැටි ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු, ස්ථුලතාවය සහ මන්දපෝෂණ විෂමතා මෙන්ම අන්තර් පුද්ගල ගැටුම්, විවිධ වෘත්තීන්වල නිරතවන්නන් මුහුණ දෙන වෘත්තීය සෞඛ්‍ය ගැටලු හේතුවෙන් දහස් ගණන් රෝගී බවට පත්වේ.
වර්තමාන සෞඛ්‍ය රටාව තුළ යහපත් ජීවිතයක් පවත්වාගෙන යාමට, වඩාත් යහපත් සෞඛ්‍ය සම්පන්නව සිටීම අනිවාර්ය වී ඇති බැවින් රෝගාබාධවලට ගොදුරු නොවී සිටීමට හෝ වැළඳුනහොත් එයට ඉහළම ප්‍රතිකාර ගැනීම සිදු කළ යුතුය. එබැවින් ඉල්ලුමට සරිලන පරිදි සෞඛ්‍ය සේවාව ශක්තිමත් වීම අනිවාර්ය වී ඇත.
ඒ. එම්. ප්‍රදීපා සී. අත්තනායක
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
මේ කාලේ පොඩි පොඩි අසනීප වලට රෝහලකට යනවා කියන්නේ ලොකු අවදානමක් නේද.. ??
ReplyDeleteSerenity Home Care අපිට පුලුවන් ඔයාලට තියෙන ඕනෑම සෞඛ්‍යය ගැටලුවකට විසඳුමක් ඔබේ නිවසටම ලබා දෙන්න..
මොනවද අපි ලබා දෙන සේවාවන්..??
�� තුවාල සඳහා බෙහෙත් දැමීම.
�� මුත්‍රා බට දැමීම සහ මාරු කිරීම.
�� ලේ සාම්පල ලබා ගැනීම.
�� NG බට දැමීම සහ මාරු කිරීම.
�� කැනියුලා දැමීම සහ බෙහෙත් විදීම.
�� ඉන්සියුලින් විදීම.
��කොලොස්ටොමි සහ ට්‍රැකියොස්ටොමි කෙයා
මීට අමතරව
✔️වෛද්‍යවරුන් සම්බන්ධීකරණය.
✔️ ඕනෑම හෙද සේවාවක් ලබා දීම
✔️ සාත්තු සේවකයන් සැපයීම.
✔️ භෞත චිකිත්සකවරුන් සැපයීම.
✔️ ගිලන් රථ සම්බන්ධීකරණය.(කොරෝනා රෝගීන් රැගෙන යාමට)
අපගේ සේවාව ලබා දෙන්නෙ මනා පළපුරුදු කාර්‍ය මණ්ඩලයක් විසින්.. ඉතින් ඔයාලගේ ඕනෑම සෞඛ්‍ය අවශ්‍යතාවකට අපිව අමතන්න..
0764952244 / 0768680014