නිර්මල සුවඳක් තියෙනවා... ඒ සුවඳ
පුදුමයි. හිත කරුණාවෙන් පුරවනවා...
ඒ සුවඳ දවසක විඳින්න. ඇත්තටම කිව්වොත්
වඩා අහිංසකම සුවඳ පිච්චමල් සුවඳ. බොහෝ
මල්වලට වඩා වෙනස් අහිංසක සුවඳක්
පිච්ච මලේ තියෙනවා. පිච්ච මලේ සුවඳ එක්ක
ජිවිතය ගැන චුට්ටක් හිතුවොත් ඒ වගේ
සුවඳවල් මවන බැඳීම් තියෙනවා.
සමහර මිනිස්සු ඉන්නව හරියට මල් ගස් වගේ.
ළඟ උන්නත් සුවඳයි. ළඟ ඉන්න
හැමවෙලාවකම මල් පුබුදුවා ගෙන ඉන්නේ.
එවන් මිනිස්සු ලඟ දී හිතට පින්බර බවක් දැනෙනවා...
ජිවිතයට එකතු කර ගත යුත්තේ
එවැනි මිනිස්සු. පිච්ච වැල් වගේ හඳවත වටා
එතෙන මිනිසුන්. එහෙම ජිවිත ලඟ දී
ඔබේ ජිවිතය එකම මල් වත්තක්. මල් පුබුදුවා සුවඳ දෙන්නේ
ඔබට...
![]() |
ඔබේ ආදරයට...
ඒත් සමහර ජිවිත වල් ගස් වගේ... ඔහේ කැලෑවට
වැවෙනවා. කිසි පිළිවෙලක් නෑ.
මලක් පිපුනත් හැඩයක් සුවඳක් ලස්සනක් නෑ. සමහර
වල්ගස් තියෙනවා ඒ වගේ පැලයක්
වත්තක පැලවුනොත් වසංගතයක් වගේ. ඒවා
ගලවා විසි කරන්න. පරක්කු උනත් කමක් නෑ.
තේරුම් ගෙන වල්පැල සේරම කපා දමන්න... සමහර වල් පැල තියෙනවා
ගලවලා දැම්මත් මුල් ඉතිිරිවෙන. එවැනි පැල
අසුබවාදී වන්නට පුළුවන්. ඇතැම් මිනිස්සුත් එහෙමයි.
එයාලා ඉතුරු කරලා යන අහිත
ඇතැම් විට ජිවිතය පුරාවට අපව හඬවාවී. එය
තේරුම් අරන් ජිවත් වන්න...
ඒ.එම්.ප්‍රදීපා සී.අත්තනායක
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
No comments:
Post a Comment